ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට දේශීය තරග ක්‍රීඩා කිරීමට සිය ක්‍රීඩා සමාජය වන SSC ක්‍රීඩා සමාජය අවසර ලබාදී තිබේ.
ඒ අනුව ධනුෂ්ක ගුණතිලක, මේ වනවිට ආරම්භ වී ඇති අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියට හෙට (23) සිට එක්වීමට නියමිතය.
ඔස්ට්‍රේලියාවේ පැවති විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුරදී කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවට ලක්වී නිදොස් කොට නිදහස් කෙරුණු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට පනවා තිබු ක්‍රිකට් තහනම ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉකුත්දා කටයුතු කළේය.
නමුත් ඔහුට ක්‍රිකට් තරගාවලි වෙනුවෙන් ක්‍රීඩා කිරීමට අවස්ථාවක් හිමිනොවුයේ දේශීය තරග ක්‍රීඩා කිරීමට සිය ක්‍රීඩා සමාජය වන SSC ක්‍රීඩා සමාජය ඔහුට පනවා තිබු තහනම ඉවත් නොකළ නිසය.
ධනුෂ්ක නියෝජනය කළ සිංහල ක්‍රීඩා සමාජයේ ක්‍රිකට් කමිටු සභාපති සමන්ත දොඩන්වෙල මහතා පැවසුවේ විනය කමිටුව මගින් සිදු කළ පරීක්ෂණයකින් අනතුරුව ඔහුගේ තහනම ඉවත් කිරීමට තීරණය කළ බවය.
ඒ අනුව ධනුෂ්ක ගුණතිලකට SSC ය නියෝජනය කරමින් දේශීය තරග ක්‍රීඩා කිරීමට අවසර ලබාදී තිබේ.
ඒ සමග මේ වනවිට ආරම්භ වී ඇති අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියට ධනුෂ්ක ක්‍රීඩා කිරීමට නියමිතය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…