වසකරටකට ආසන්න කාලයකින් අනතුරුව නිල වශයෙන් තහවුරු කරගත් කොවිඩ් මරණයක් මහනුවර ජාතික රෝහලෙන් අද (23) වාර්තා වී තිබේ.
මියගොස් ඇත්තේ ගම්පොල ඇත්ගාල ප්‍රදේශයේ 65 හැවිරිදි පුද්ගලයෙකි.
කොවිඩ් රෝග ලක්ෂණවලට සමාන ලක්ෂණ සහිත පෙනහළු ආසාදනයකින් ඊයේ මිය ගිය මෙම පුද්ගලයාගේ මරණය පිළිබඳව සැක සිතී සිදුකළ පී.සී.ආර්. පරීක්ෂාවකින් අනතුරුව ඔහු කොවිඩ් ආසාදිතයෙක් බව අද තහවුරු වූයේ යැයි රෝහල් ආරංචි මාර්ග පැවසුවේය.
මේ වනවිට දිවයිනේ ඔමික්‍රොන් JN.1 ප්‍රභේදය පැතිරෙමින් ඇතැයි තමන් අනුමාන කරන බවට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දිම ජීවන්දර මීට දෙදිනකට පෙර ප්‍රකාශ කළේය.
නිශ්චිත විද්‍යාත්මක තහවුරු කිරීමක් නැතත් මේ දිනවල පැතිරෙමින් පවතින ඉන්ෆ්ලුවෙන්සා තත්ත්වය කොවිඩ් ඔමික්‍රෝන් JN.1 ප්‍රභේදය විය හැකි බවට ඔහු අනුමාන කළේ ඉන්දියාව ඇතුළු ගෝලීය තත්ත්වයන් ගැන කරන ලද ඇගයීමකින් අනතුරුවය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…