ශ්‍රී ලංකා

පළාත් සභා මැතිවරණය ඕනේ – මහින්ද, මනෝ, තිස්ස සහ මුජිබර් එක හඬින් කියයි !

ප්‍රජාතන්ත්‍රවාදී තරුණ කොංග්‍රසය සහ Peoples Foundation යන ආයතන එක්ව “අපේ අයිතීන් අපේ සම්පත් රැක ගන්නට අපේ පළාතේ පළාත් සභාව බලගන්නමු” යන තේමාව මුල් කොටගෙන පවතී තෙවන සහ සිව්වන දිස්ත්‍රික් සමුළු ඊයේ කොළඹ කිචිලාන් උත්සව ශාලාවේ දී සහ සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වූ අතර මෙම වැඩසටහන සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති සහ සීමා නිර්ණය කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය, පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේශන්, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්, ප්‍රජාතන්ත්‍රවාදී තරුණ කොංග්‍රසයේ නායක කේ. අර්ජුන සහ Peoples Foundation ආයතනයේ සභාපති එරික් හේරත්, ප්‍රජාතන්ත්‍රවාදී තරුණ කොංග්‍රසයේ කොළඹ දිස්ත්‍රික් නායක අයිෂා රිල්වාන්, ප්‍රජාතන්ත්‍රවාදී තරුණ කොංග්‍රසයේ රත්නපුර දිස්ත්‍රික් සංවිධායක ඇතුළු සිවිල් සංවිධාන සහ තරුණ තරුණියන් විශාල පිරිසක් මෙම අවස්ථාවන්ට සහභාගි විය.

කොළඹ සමුළුවේ ප්‍රධාන දේශනය ඉදිරිපත් කරමින් මහින්ද දේශප්‍රිය මහතා පවසා සිටියේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට නම් නිසි කාලවලදී නිසි ලෙස මැතිවරණ පැවැත්විය යුතු බවත් මේ වන විට පළාත් සභාව විසුරුවා වසර හයක් පමණ ගත වී ඇති නමුත් මේ වන විටත් ඒ සඳහා මැතිවරණයක් නොපවත්වන අවස්ථාවක පුරවැසියන් ලෙස මෙම සමුළුවට පැමිණීම ගැන සතුටු වන බවත්ය. එසේම පළාත් වෙත බලය බෙදා දීමෙන් එම පළාතේ දියුණුව ඉක්මනින් ළඟා කර ගත හැකි බවත් වැඩිදුරටත් පැවසිය.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා අදහස් දක්වමින් පවසා සිටියේ තමන්ද මෙම පළාත් සභා ඡන්දය පැවැත්වීම කඩිනම් කළ යුතු යන මතයේ සිටින බවත් මේ වන විට කොතරම් ඉල්ලීම් කොතරම් බලපෑම් සිදුවුව ද ඡන්දය පැවැත්වීම ආණ්ඩුව විසින් කල් දමන බවත්ය. කෙසේ නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පවසා සිටියේ පළාත් සභා මැතිවරණය පැවැත්වුවොත් ආණ්ඩුව ඡන්දය පරාද වීමට සිදුවන බව නිසා මැතිවරණය නොපවත්වන බවයි. එසේම මෙම තත්ත්වය තුළින් ඉදිරියේදී නැවත යුද්ධයක් ඇතිවිය හැකි බවත් ලංකාවේ පවතින වාර්ගික ගැටුම තවත් උත්සන්න වීමට මෙය හේතුවක් වීමට හැකි බව ඒ මහතා වැඩිදුරටත් පැවසිය.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

19 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

23 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago