විනෝදාත්මක

වින් ඩීසල්ට ලිංගික අපරාධ චෝදනා – පුද්ගලික සහකාරවරිය අපචාරයට ලක්කොට සේවයෙන් නෙරපළා!

2010 වසරේ Fast Five චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුර තමාට ලිංගික අතවර කළ බවට චෝදනා කරමින් සුපිරි හොලිවුඩ් නළු වින් ඩීසල්ගේ හිටපු පුද්ගලික සහකාරවරිය ඔහුට විරුද්ධව නඩු පවරා තිබෙනවා.

වින් ඩීසල්ගේ නීතීඥවරයෙකු පැවසුවේ තම සේවාදායකයා මෙම චෝදනාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවයි.

Asta Jonasson වන එම හිටපු පුද්ගලික සහකාරවරිය මෙම නඩුවේදී කියා සිටින්නේ වින් ඩීසල් තමාව ලිංගික අතවරයට ලක් කිරීමෙන් පැය කිහිපයකට පසු ඔහුගේ සමාගම ඇයව සේවයෙන් පහකළ බවයි.

ඇයව වැරදි ලෙස සේවයෙන් පහ කිරීම මත පදනම්ව ද Asta Jonasson විසින් තවත් නඩුවක් පවරා ඇති බව සඳහන්. ලොස් ඇන්ජලීස් හි උසාවියක ගොනු කරන ලද මෙම නඩුවට අනුව Fast Five චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුර ඇට්ලන්ටා හි ශාන්ත රෙජිස් හෝටලයේදී වින් ඩීසල් විසින් ඇයට ලිංගික අතවර කර තිබෙනවා. හෝටල් කාමරය තුළදී ඇයව මෙලෙස ලිංගික අතවරයට ලක් කළ බවත්, ඇය කෑගසමින් අසල නාන කාමරය දෙසට දිව ගිය පසු, වින් ඩීසල් ඔහුගේ ශරීරයෙන් ඇයව බිත්තියට තද කර තමාට ලිංගික ක්‍රියාවක් කළ බවට චෝදනා කර තිබෙනවා.

සිද්ධියෙන් පැය ගණනකට පසු, වින් ඩීසල්ගේ නිෂ්පාදන සමාගමක් වන වන රේස් ෆිල්ම්ස් පවත්වාගෙන යන නළුවාගේ සහෝදරිය වන සමන්තා වින්සන්ට් විසින් ඇයව සම්බන්ධ කර ගෙන පවසා ඇත්තේ, Asta Jonassonව සේවයෙන් පහ කළ බවයි. මේ නිසා Asta Jonasson නළුවාගේ සහෝදරියට සහ ඔහුගේ නිෂ්පාදන සමාගමට එරෙහිව ද නඩු පවරා තිබෙනවා.

මෙම චෝදනාව පිළිබඳව අදහස් දැක්වීම ප්‍රකට නලු වින් ඩීසල් ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන්.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

14 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

17 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

18 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

19 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago