කළුතර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියෙකුට පහර දී ඝාතනය කර තිබේ. රැඳවියා අද (26) අළුයම කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ දී මියගොස් ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.
මෝල්කාව, කරවිට ප්‍රදේශයේ පදිංචිව සිටී පී.ජී. සුනිල් නමැති 46 හැවරිදි පුද්ගලයකු මෙසේ මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
පහරකෑමක් හේතුවෙන් අදාල මිය ගිය තැනැත්තා පසුගියදා (24) රාත්‍රියේ කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර ඇත.
පසුව අදාළ රැඳවියා වාට්ටු අංක 5 හි නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී අද අළුයම මියගොස් ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.
මෘතදේහය පශ්චාත් මරණ පරීක්ෂණය සදහා කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් කළුතර බන්ධනාගාර අධිකාරීවරයා විසින් කළුතර උතුර පොලිසිය දැනුවත් කර ඇති බවත්, මේ සම්බන්දයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කළ බවත් පොලිසිය කීය.
කළුතර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිළධාරීන් පරීක්ෂණ සිදුකිරීමට නියමිත බවද උසස් පොලිස් නිළධාරියෙක් සදහන් කළේය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…