ශ්‍රී ලංකා

ත්‍රිපෝෂ ගැන ආන්දෝලනාත්මක හෙලිදරව්වක් !

ත්‍රිපෝෂ නිෂ්පාදනයට ගන්නා බඩ ඉරිඟුවල අන්තර්ගත වියහැකි ‘ඇෆ්ලටොක්සින්’ ප්‍රමාණය දෙගුණයක් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා චෝදනා කරනවා.

එම කැබිනට් තීරණයට අනුව ත්‍රිපෝෂවල දැනට අඩංගු වන බඩ ඉරිඟු කොටස් බිලියනයක ‘ඇෆ්ලටොක්සින්’ කෝටස් 5 ක ප්‍රමාණය 10 ක් දක්වා ඉහළ දමන බවයි ඔහු පැවසුවේ.

එම ජනතා ද්‍රෝහී කැබිනට් තීරණයත් සමඟ 1980 අංක 26 දරණ ආහාර පනත සංශෝධනය කිරීමට නියමිත බවත් එමඟින් කුඩා දරුවන් සහ මව්වරුන් ඇතුළු සියල්ලන්ගේ ජීවිත අවදානමට ලක්වන බව ද ඔහු සඳහන් කළා.

‘ඇෆ්ලටොක්සින්’ නැමැති රසායනිකය ශරීරගත වීමෙන් අක්මාවට හානි විය හැකි නිසා එම රසායනිකය පිළිකා කාරකයක් ලෙස පිළිගැනෙන බවත් පොල්තෙල් සහ දියරකිරිවල ‘ඇෆ්ලටොක්සින්’ නියමිත ප්‍රමාණයට වඩා අඩංගු වීම ගැන විශාල ආන්දෝලනයක් මීට පෙර රටතුළ පැවති බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.

“පත්‍රිකාවක් යොමු කරලා තියෙනවා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන රමේෂ් පතිරණ. ඔහු කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා සිටින්නේ, බඩඉරිඟු කොටස් මිලියනයකට කොටස් 5ක් ලෙස පවතින උපරිම ඇෆ්ලටොක්සින් ප්‍රමාණය 10ක් දක්වා වෙනස් කරන්න. ඒ කියන්නේ කුඩා දරුවන්, ගැබිනි මව්වරු හා කිරිදෙන මව්වරුන්ට ලබාදෙන ත්‍රිපෝෂවල විස රසායනික ප්‍රමාණය දෙගුණ කරන සීමාවකට යන්න කියලා. ඒ සඳහා 1980 අංක 26 දරණ ආහාර පනත සංශෝධනය කරන්න කියලා ඉල්ලලා තියෙන්නේ. ඒ කැබිනට් පත්‍රිකාව අනුමත කරලා තියෙනවා. ඒ තුළින් කුඩා දරුවන්ගේ හා මව්වරුන්ගේ සෞඛ්‍ය ගැන බරපතළ තත්ත්වයක් මතුවෙලා තියෙනවා.”

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago