ශ්‍රී ලංකා

රන් තැටි සොරකම නිසා අතුරුදහන් වූ කතරගම දේවාලයේ සොමිපාල කපුවා අත්අඩංගුවට!

අතුරුදන්ව සිටි රුහුණු කතරගම මහ දේවාලයේ සොමිපාල ටී. රත්නායක ප්‍රධාන කපු මහතා කොළඹ ත්‍රස්ත විමර්ශන ඒකකයට භාර වී තිබෙනවා.

අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර මේ වනවිට ප්‍රශ්න කිරීම ආරම්භ කර ඇති බව සඳහන්.

ඔහු අභිරහස් ලෙස අතුරුදන්ව ඇති බවට පසුගිය 23 වැනිදා කතරගම පොලිසියට පැමිණිල්ලක්ද ලැබී තිබුණා.

එම කපු මහතාගේ දියණියන් දෙදෙනෙකු සහ මුනුපුරකු විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා.

මෙම අතුරුදන් වීම සම්බන්ධයෙන් අඹුසැමි යුවළක් සැක කරන බවත්, ඔවුන් කපු මහතාගේ පවුලේ සමීපතමයන් වන බවත් ඔවුන් අදාළ පැමිණිල්ල මඟින් සඳහන් කර තිබු බවයි වාර්තා වන්නේ.

පසුගිය 08 වැනිදා සිය පියා ඔවුන්ගේ නිවෙසට ගිය බවත්, ඉන් අනතුරුව ඔහු මෙලෙස අතුරුදන්ව සිටින බවත් දරුවන් පොලිසියට ප්‍රකාශ කර තිබුණා.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

15 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

17 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

19 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

20 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

22 hours ago