දහම් පාසල් අවසාන විභාගයට පෙනී සිටින අපේක්ෂකයින් එම දිනවලදීම 2025 උසස් පෙළ පන්තිවලට සිසුන් තෝරාගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවා ඇත්නම් ඔවුන්ට එම සම්මුඛ පරීක්ෂණ සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලෙස විභාග කොමසාරිස් ජනරාල්වරයා සියලුම විදුහල්පතිවරුන්ව දැනුවත් කර තිබේ.
විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර සිටී.
එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ බෞද්ධ, හින්දු, කතෝලික සහ අහදියියා දහම් පාසල් අවසාන විභාග එලඹෙන 28 සහ 29 දෙදින පැවැත්වීමට කටයුතු සැලසුම් කර ඇති බවය.
එම දිනවල ඇතැම් පාසල්වල උසස් පෙළ පන්තිවලට සිසුන් තෝරාගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවා ඇති බවට ලද තොරතුරුවලට අනුව එවැනි සිසුන්ට අගතියක් නොවන ලෙස එම සම්මුඛ පරීක්ෂණ සඳහා වෙනත් දිනයක් ලබාදෙන දැනුම්දී ඇති බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව තිබේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…