ශ්‍රී ලංකා

ඇවෙන්රා ගාර්ඩ්න්ස් හෝටලය වැටලූ සෞඛ්‍ය පරීක්ෂකවරුන් පොලිසියට කැඳවයි !

මීගමුව ඇවෙන්රා ගාර්ඩ්න්ස් හෝටලය වැටලීමට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකරුවන්ට එරෙහිව පොලිසියට පැමිණිල්ලක් සිදු කර තිබෙනවා.

ඒ, ඔවුන් විසින් අදාළ ව්‍යාපාරිකයන්ගෙන් අල්ලස් මුදල් ඉල්ලූ බව පවසමින්.

මේ සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතාගෙන් සිදුකල විමසීමේදී ඔහු කියා සිටියේ, අදාළ හෝටලයේ කළමනාකාරීත්වය විසින් තම නිලධාරින්ට එරෙහිව නින්දිත බොරු චෝදනා සහිත කුමන්ත්‍රණයක් සමාජගත කිරීමට කටයුතු කර ඇති බවයි.

උත්සවය සමයේ හේතුවෙන් පසුගිය දිනවල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දිවයින පුරා වැටලීම් සිදු කළා.

එහි දී එම හෝටල් හිමිකරුවන් පිසූ ආහාර සහ නොපිසූ ආහාර එකම අධි ශීතරකණයක ගබඩා කර තිබූ බවටයි අනාවරණ වුණේ.

මීට මාස දෙකකට පෙර ද මේ ආකාරයෙන් ම මෙම හෝටලය පරීක්ෂා කළ බවත් එම අවස්ථාවේදීත් මෙලෙස ආහාර ගබඩා කර ඇති බවට අනාවරණ වූ බවත් උපුල් රෝහණ මහතා කියා සිටියා.

එම අවස්ථාවේ දී නඩු නොදමන ලෙසට සිදු කළ බලපෑම් හමුවේ අවවාද කරන ආහාර වර්ග විනාශ කිරීමට කටයුතු කර තිබුණා.

මෙවර සිදු කළ වැටලීම සම්බන්ධයෙන්, හෝටල් පරිපාලනයට දන්වා විනාඩි 45ක් පමණ සිටියත් කිසිවෙක් එම ලේඛනවලට අත්සන් තැබීමට කිසිවෙක් ඉදිරිපත් නොවූ බවයි, උපුල් රෝහණ මහතා අවධාරණය කළේ.

අනතුරුව තම හෝටලයට නඩු නොපවරණ ලෙස වැටලීම් කළ නිලධාරීන් වෙත තදින්ම බලපෑම් කළ බව ද සභාපතිවරයා කියා සිටියා.

හෝටලයට විරුද්ධව ආහාර පනත යටතේ චෝදනා ගොනු කර ඇති බවත් එහි බී වාර්තාව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවත් උපුල් රෝහණ මහතා සඳහන් කළා.

එමෙන් ම අදාළ හෝටලයේ සන්නාමය සහිත ලියාපදිංචි නොකළ පානීය ජල බෝතල් ද මහජන පරීක්ෂක නිලධාරින් සොයාගෙන ඇති බව සඳහන්.

මෙම වැරදි සම්බන්ධයෙන් වන සාක්ෂි තමන් සතුව පවතින බවයි ඔහු කියා සිටියේ.

මෙවැනි අනීතික බලපෑම්වලට යටත් වී මෙහෙයුම් නැවැත්වීමට තම සංගමය සූදානම් නොමැති බව ද උපුල් රෝහණ මහතා ප්‍රකාශ කළා.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ, පොලිසිය විසින් සිදු කරන විමර්ශන කටයුතුවලට තම නිලධාරින් පූර්ණ සහයෝගය ලබා දෙන බවයි

Team CNF

View Comments

Recent Posts

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

47 minutes ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

3 hours ago

රාජ්‍ය සේවකයන්ට එළැඹෙන අයවැයෙන් සුබ ආරංචියක්!

රාජ්‍ය සේවක වැටුප එළැඹෙන අයවැයේදී සැලකිය යුතු අයුරින් වැඩි කිරීමට කටයුතු කරන බව කම්කරු නියෝජ්‍ය…

4 hours ago

ඥානසාර හිමිට ලිහිල් සිරදඬුවමක් !

ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර…

4 hours ago

එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන ඉන්දියාවට!

නවතම ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන තවදුරටත් රඳවා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්කම් දක්වා…

5 hours ago

ලෝක ආර්ථික සංසදයෙන් අනාගත රැකියා පිළිබඳ වාර්තාවක් එළිදැක්වේ!

ලෝක ආර්ථික සංසදය විසින් 2025 රැකියා පිළිබඳ අනාගත වාර්තාව එළිදක්වා තිබෙනවා. එම වාර්තාවේ සඳහන් වෙන්නේ…

6 hours ago