රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප අහෝසි කළ යුතු බවට වූ යෝජනාවක් යහපත් රාජ්‍යකරණය පිළිබඳ තේරීම් කාරක සභාවට ඉදිරිපත් කර ඇතැයි කම්කරු අරගලය මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව පවසනවා.
ඔහු මේ පිළිබඳව සඳහන්කර සිටියේ ඊයේ (27) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අතරතුරදීයි.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශකළේ මෙවැනි අදහසක්.
රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප අහෝසිකර දායකත්ව විශ්‍රාම වැටුපට යා යුතු බවටයි ඔවුන් යෝජනා කරන්නේ .ඒ වගේම අවුරුදු පහකට වඩා වැඩි සේවා කාලයක් ඇති රාජ්‍ය සේවකයන් සේවක කාර්යක්ෂමතාවය නෑ කියා විශ්‍රාම ගැන්විය යුතු බවටත් ඔවුන් යෝජනා කරනවා. ඒ වගේම යෝජනා කරලා තියෙන්නේ දායකත්ව විශ්‍රාම වැටප් අරමුදලට දේශීය හා විදේශීයව ආයෝජනය කළ හැකි ලෙස සකස් කල යුතු බවටයි. ඒක ඉතාමත්ම අවදානම් වැඩක්. මේගොල්ලෝ ආයෝජනය කරන තැන් අඩුපාඩු වුනොත් සේවකයන්ට මුකුත්ම නැහැ. රාජ්‍ය සේවකයන්ට ඇති නිවාඩු දින 45, 25 දක්වා අඩු කළ යුතු බවටත් ඔවුන් යෝජනා කර තිබෙනවා. මේවා ඔක්කොම යෝජනා කරන්නේ රටේ වැඩිහිටි ජනගහනය වැඩියෙන්ම ඉන්න මොහොතක. ඒ විතරක් නෙමෙයි. රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුප කපන්න යෝජනා කරන අය පාර්ලිමේන්තුවේ අවුරුදු පහකට පසු විශ්‍රාම වැටුප ගන්නවා. ඒ වගේම මහින්ද රාජපක්ෂ හා මෛත්‍රිපාල සිරිසේන කියන දෙන්නා විශ්‍රාමික ජනාධිපති වැටුප වගේම මන්ත්‍රී වැටුපත් ගන්නවා. විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂක ජනරාල්වරයාටත් මේවා ප්‍රශ්න නෙමෙයි. ජනතාව වහාම මේ තීරණ වලට එරෙහිව පෙළගැසිය යුතුයි.”
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…