කොළඹ ජාතික රෝහලේ B ශල්‍යාගාරයේදී සැත්කමකට පැමිණි රෝගී කාන්තාවක් සඳහා ඔක්සිජන් වෙනුවට කාබන්ඩයොක්සයිඩ් ලබා දීම හේතුවෙන් රෝගියා ශල්‍ය ඇද මතම මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
වාට්ටු අංක 6A නේවාසිකව සිට පියයුරු ආශ්රිත ශල්‍යකර්මයක් සඳහා මෙම කාන්තාව ශල්‍යාගාර B වෙත ඇතුළත් කර ඇතැයි වාර්තාවේ.
මෙසේ මියගොස් ඇත්තේ නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 61 වයසැති අවිවාහක කාන්තාවක් බවත් මේ වන විට ඇයගේ මෘත දේහය රෝහල් මෘත ශරීරාගාරයේ රඳවා ඇති බවත් දැනගන්නට ඇත.
මෙම මරණයට හේතුව ලෙස ඔක්සිජන් අඩුවීම (Respiratory Hypoxia) ලෙස සටහන් කර ඇතත් වෙනත් අනපේක්ෂිත සිදුවීමක් ලෙස සටහන් කර නොමැති බවද වාර්තා වේ.
අප මේ සිදුවීම සම්බන්ධයෙන් රෝහල් බලධාරීන්ගෙන් කළ විමසීමක දී ඔවුන් පැවසුවේ එවැනි සිදුවීමක් වාර්තා වී ඇති බවත් ඒ සම්බන්ධව මේ වනවිට මූලික සොයා බැලීමක් කරමින් සිටින බවත්ය.
අනතුරුව පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් කළ ඔහු වීමසීමේ දී ඔහු සඳහන් කළේ මෙවැනි සිදුවීමක් සම්බන්ධයෙන් වාර්තා වී ඇති බවත් ඒ පිලිබදව නිවැරදි තොරතුරු සොයා බලමින් සිටින බවත් ය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…