මෙම වසරේ සැප්තැම්බර්, ඔක්තෝම්බර්, නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල දී විවිධ ආපදා හේතුවෙන් සේවය වාර්තා කිරීමට නොහැකි වූ රාජ්‍ය සේවකයන් සම්බන්ධයෙන් රජය විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.
ඒ අනුව ඔවුන් එම දිනයන් වෙනුවෙන් විශේෂ නිවාඩු ලබා දීමටයි පියවර ගෙන ඇත්තේ.
මේ අනුව විවිධ පළාත්වල සිදුවූ ගංවතුර, ජල ගැලීම්, නායයෑම්, මාර්ග අවහිරතා ආදී හේතුන් නිසා හටගත් ප්‍රවාහන දුෂ්කරතා, අවතැන්වීම් සහ විපත්වලට ලක්ව රාජකාරි ස්ථානවලට වාර්තා කිරීමට නොහැකිවූ රාජ්‍ය සේවකයන්ට මෙම වරප්‍රසාද හිමි වනු ඇති.
මෙම නිවාඩු ලබා ගැනීම සඳහා තමන් පදිංචි වසමේ ග්‍රාම නිලධාරීගේ නිර්දේශය සහිත ඉල්ලීම තම ආයතන ප්‍රධානින් වෙත යොමු කළ යුතු වනවා.
රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එන්.රංජිත් අසෝක මහතාගේ සිය අත්සනින් යුත් චක්‍රලේඛයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…