ආර්ථික

ඔබට හිමි බදු අංකය (TIN) ලබා ගන්නේ මෙහෙමයි!

වයස අවුරුදු 18ට වැඩි පුද්ගලයින් බදු අංක සඳහා ලියාපදිංචි කරවීම මේ වනවිට ආරම්භ කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා.

ඊට අදාළ අයදුම්පත තම වෙබ්අඩියට පිවිසීමෙන් පිරවිය හැකි බවයි, එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

තක්සේරු වර්ෂයක් සඳහා රුපියල් 1,200,000කට වැඩි ආදායමක් ලබන ඕනෑම පුද්ගලයෙකු බදු ගොනුවක් විවෘත කළ යුතු වනවා.

වසරක අප්‍රේල් මස පළමුවැනිදා සිට ඊළඟ වසරේ මාර්තු 31 දක්වා වන කාලයයි තක්සේරු වර්ෂයක් ලෙස සැලකෙන්නේ.

බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකයක් (TIN) ලබා නොගතහොත් රුපියල් 50,000ක දඩයකට යටත් කෙරෙන බව ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මෙලෙස ලියාපදිංචිය ලබා නොගන්නා පුද්ගලයින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ලියාපදිංචි කරන බවටයි වාර්තා වන්නේ.

ලියාපදිංචි වීමට මෙතැනින් පිවිසෙන්න

Ceylon News Factory

View Comments

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

19 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

22 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

23 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago