ප්‍රවෘත්ති සාකච්ඡාවක් අතරතුරදී දකුණු කොරියාවේ විපක්ෂ නායකයාට තියුණු ආයුධයකින් පහර දෙයි (VIDEO)

ප්‍රවෘත්ති සාකච්ඡාවක් අතරතුර දී දකුණු කොරියාවේ විපක්ෂ නායක Lee Jae-myungට කිසියම් පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහර දී තිබෙනවා.

එරට වරාය නගරයක් වන Busanහි පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අතරතුරයි මෙම පහරදීම සිදුව ඇත්තේ.

ප්‍රහාරය එල්ල කළ තැනැත්තා ප්‍රවෘත්ති සාකච්ඡාව අතරතුර විපක්ෂ නායාකවරයාගෙන් සටහනක් ලබා ගැනීමේ අරමුණින් එම ස්ථානයට පැමිණ ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

පහරදීමෙන් තුවාල ලැබූ දකුණු කොරියානු විපක්ෂ නායකවරයා මේ වන විට රෝහල් ගත කර ඇති අතර, පහර දුන් පුද්ගලයා ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

59 හැවිරිදි Lee Jae-myung කොරියානු ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකත්වය දරන අතර, 2022 ජනාධිපතිවරණයේ දී පරාජය වූ මොහු 2027 ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ අපේක්ෂාවෙන් සිටින බවයි සඳහන් වන්නේ.

සිදුවීමට අදාළ දර්ශන පහතින්,

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

6 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

8 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

9 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

10 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

11 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

13 hours ago