ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වවුනියාවේ සංචාරයට විරෝධය පළ කරමින් විරෝධතාවයක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් දෙදෙනෙකු අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හමුදා ගැටුම් අතරතුර අතුරුදන්වූවන්ගේ ඥාතීන්ගේ සංවිධානයේ සභාපති ශිවනාදන් ජෙනීටා සහ සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙකු මෙසේ අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.
වවුනියාව සංස්කෘතික ශාලාවේ පැවති වැඩසටහනකට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා වවුනියාවට පැමිණීමට, විරෝධය පළ කරමින් අතුරුදන්වූවන්ගේ ඥාතීන්ගේ සංවිධානය කළු කොඩි ඔසවා විරෝධය පළ කර තිබුණා.
සංවිධායකයින් දෙදෙනා අත්අඩංගුවට ගැනීමත් සමඟ නොසන්සුන්කාරී වාතාවරණයක් ද ඇති වී තිබේ.
පොලීසිය පැවසුවේ, විරෝධතා දැක්වීමට හෝ ජනාධිපතිවරයාගේ මාර්ගයට බාධා කිරීමට එරෙහිව වවුනියාව මහේස්ත්රාත්වරයාගේ නියෝගය නොතකා විරෝධතාව සංවිධානය කිරීම සැකකරුවන් දෙදෙනා විසින් සිදු කර ඇති බවයි.
මේ අතර අතුරුදන්වූවන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර මට්ටමේ පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා ජනාධිපතිවරයා හමුවීමට අවශ්‍ය බව විරෝධතාකරුවන් පොලිසියට ප්‍රකාශ කළා.
කෙසේ වෙතත් පොලිසිය මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අතර එම සංවිධානයේ නියෝජිතයෙකුට ජනාධිපති සම්බන්ධීකාරකවරයකු හමුවීමට අවසර දීමට එකඟ වුණා.
සැකකරුවන් දෙදෙනා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…