ඩුබායි හී පදිංචි ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දැනට විදේශ ගතව සිටින ශිරාන් බාසික් නැමැත්තාට අයත් බව පවසමින් හා වෙරළ ආශ්‍රිත අනවසර ඉදිකිරීමක් බව පවසමින් දෙහිවල පිහිටි මනස්කාන්ත හෝටලයක් වූ Soul Beach හෝටලය කඩාදමා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය පළමුවැනිදා කටයුතු කළා.
පොලීසිය පැවසුවෙ ‘යුක්තිය’ මෙහෙයුම යටතේ මෙම කටයුතු ක්‍රියාත්මක වූ බවයි.
මෙම Soul Beach සෝල් බීච් ආයතනයේ අධ්‍යක්ෂකවරු සිවු දෙනාගෙන් එක් අධ්‍යක්ෂ්‍යවරයෙක් වන මොහොමඩ් රිෆා මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඊයේ (03) සඳහන් කළේ මෙය ඉදිකිරීම සඳහා සියලුම අවසරයන් ලබාගෙන තිබියදී අනීතිකව හදිසියේ මෙය කඩා ඉවත් කිරීම තනි පුද්ගල මතයකට අනුව සිදු වූවක් බවයි.
මෙය අනවසර ඉදිකිරිමක් හෝ යම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට අයත් දේපලක් නම් මීට පෙර අත්අඩංගුවට ගත් එවැනි දේපල රාජසන්තක කිරීම වැනි ක්‍රියාවක් සිදු නොකර එය සම්පූර්ණයෙන්ම කඩා බිද දැමීම පසුපස කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක නොවන්නේදැයි ඔහු මෙහිදී ප්‍රශ්න කර සිටියා.
තමන් දේශබන්දු තෙන්නකෝන් මහතාට හැකිපමණ උදව් කර ඇති බවත් අවස්ථා කිහිපයකදීම ඔහුගේ ව්‍යාපෘති සඳහා ලක්ෂ ගණනින් මුදල් ලබාදීම්ද සිදුකළ බවද මොහොමඩ් රිෆා මහතා සඳහන් කළා.
තමන්ද කොළඹ ඩී.ඇස්. සේනානායක විද්‍යාලයේ ආදි සිසුවෙක් බවත් ටිරාන් අලස් මහතාගේ පියා ඩී.ඇස්. සේනානායක පාසලේ විදුහල්පතිවරයාව සිටියදී තමන්ගේ පියා පාසලට පන්ති කාමර තුනක් සාදා දුන් බවත් ඔහු මෙහිදී පෙන්වා දුන්නා.
මෙම අනීතික ක්‍රියාවෙන් එම හෝටලයේ සේවය කළ සේවකයන් 94 දෙනෙක් හිටිහැටියේ රැකියාව නොමැතිව දැඩි අපහසුතාවයට පත්ව සිටින බවත් තමාට සහ තම පවුලේ අයට කල අපහාසයට මෙම අපරාධය සිදුකළ අය වන්දිගෙවිය යුතු බවත් ඔහු වැඩිදුරටත් සදහන් කරනවා රිෆා මහතා විසින් පවත්වන ලද ප්‍රවෘත්ති සාකච්ඡාව පහතින්,
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…