ඉහළම අධ්‍යාපන සුදුසුකම් සහිතව ප්‍රාදේශීය සෞඛ්‍ය ක්ෂෙත්‍රයේ සුවිශාල මෙහෙයක් ඉටු කරමින් දූෂණ විරෝධී ගමනේ පුරෝගාමීකයකු ලෙස කටයුතු කිරීම නිසා සිය රැකියාව අහිමි වු විශේෂඥ වෛද්‍ය ආචාර්ය චමල් සංජීව මහතා සමගි ජන බලවේගයට එක්වීම සතුටට කරුණක් බවත් රජයේ සේවකයකු වූ චමල් සංජීව මහතාට සිය රැකියාව අහිමි වූයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදු වූ දූෂණ වංචා අනාවරණය කිරීම නිසා වුවත් ඉන් නොසැලී ඒ මහතා දුෂණ විරෝධී ගමන ශක්තිමත් කිරීමට සමගි ජන බලවේගය හා එක්වීම සතුටට කරුණක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද විශේෂඥ වෛද්‍ය ආචාර්ය චමල් සංජීව මහතා සමගි ජන බලවේගයට එක්ව දූෂණ විරෝධී බලවේගය හා සම්බන්ධ වූ අවස්ථාවේදීයි.
මේ දුෂණ විරෝධී බලකාය හරහා රාජපක්ෂවරු ඇතුළු රට බංකොලොත් කිරීමට හේතු වූ පුද්ගලයන් කවුරුන්ද කියා අනාවරණය කර ගැනීමට හැකි වූ බවත් මේ තුළින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදු වූ දුෂණ වංචාවලට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් කිරිමට හැකි වූ බවත් එය තුළින් නව තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට හැකි වූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළා.
සමගි ජන බලවේගය කටයුතු කරන්නේ මෙරට දූෂණ වංචා තුරන් කිරීමට බවත් ඒ ගමනේ පුරෝගාමී නායකයකු ලෙස විශේෂඥ වෛද්‍ය ආචාර්ය චමල් සංජීව මහතා අද දින සිට කටයුතු කරන බවත් ඔහුට ක්ෂේත්‍රයේ උපරිම සුදුසුකම් පවතින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසුවා.
මේ අවස්ථාවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් විශේෂඥ වෛද්‍ය ආචාර්ය චමල් සංජීව මහතාව සමගි ජන බලවේගයට අනුබද්ධිත දූෂණ විරෝධි බලවේගයේ උපසභාපතිවරයා ලෙස සහ සමගි ජන බලවේග සෞඛ්‍ය ප්‍රතිපත්ති කමිටුවේ ලේකම් ධුරයටද පත් කරනු ලැබුවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…