තම පවුලේ සාමාජිකයන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති බවත්, ඔවුන් කිසිදු දේශපාලන තීරණයක කොටස්කරුවන් නොවන බවත් පක්ෂයට එරෙහිව සිදුකරන අනවශ්‍ය ප්‍රකාශවලින් ජනතාව නොමඟ නොයැවිය යුතු බවත්, හිටපු ජනාධිපති සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසූ බව ඉංග්‍රීසි පුවත්පතකට අදාළ වෙබ් අඩවියක් වාර්තා කරනවා.
ඒ අනුව හිටපු ජනාධිපතිවරයා පවසා ඇත්තේ, තම පක්ෂයේ දේශපාලන තීන්දු මහජනතාවට දැනුම් දෙන්නේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් හරහා මිස පවුලේ සාමාජිකයන් හරහා නොවන බවයි.
කෙසේ නමුත්, පසුගිය දා යූ ටියුබ් නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් රාජපක්ෂ පවුලේ සමීප ඥාතියෙකු වන උදයංග වීරතුංග මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා සම්බන්ධ දේශපාලන කාරණා ගණනාවක් අනාවරණය කළ අතර, ඉන් පසු හිටපු ජනාධිපතිවරයාගෙන් මෙම ප්‍රකාශය නිකුත් වීම ද විශේෂයක්.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…