ශ්‍රී ලංකා

2024 T20 ලෝක කුසලාන තරගාවලියේ කාල සටහන නිකුත් වෙයි !

අමෙරිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් දුපත් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිත 2024 ලෝක කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ තරග කාල සටහන එළිදක්වා තිබෙනවා.

මෙවර පන්දුවාර 20 ලෝක කුසලානය ලබන ජුනි මස 1 වැනිදා සිට ජුනි මස 29 දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර අමෙරිකාවේ ක්‍රීඩාංගණ 3කදී සහ කොදෙව් දේශයේ ක්‍රීඩාංගණ 6කදී තරගාවලිය පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

තරගාවලියට එක්වන කණ්ඩායම් 20 මුලික වටයේදී කාණ්ඩ 4කින් තරගවැදීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායම මුලික වටයේදී D කාණ්ඩයෙන් තරග වදින අතර එම කාණ්ඩයට ඇතුළත් සෙසු කණ්ඩායම් වන්නේ දකුණු අප්‍රිකාව, බංග්ලාදේශය ,නෙදර්ලන්තය සහ නේපාලයයි.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 ලෝක කුසලානයේ සහභාගී වන පළමු තරගයේදී දකුණු අප්‍රිකාව සමඟ ලබන ජුනි මස 3 වැනිදා නිව් යෝර්ක්හිදී තරග වැදීමට නියමිතයි.

අනතුරුව ඔවුන් බංග්ලාදේශ, නේපාලය සමඟ අමෙරිකාවේදීම තරග වදින අතර නෙදර්ලන්තය සමඟ කොදෙව් දේශයේ සාන්ත ලුසියාහිදී තරග වදිනවා.

එමෙන්ම ලොව වැඩිම අවධානය දිනා ගන්නා ඉන්දු – පාකිස්ථාන තරගය ජුනි මස 9 වැනිදා පැවැත්වෙන්නේ නිව්යෝ‍ර්ක්හිදීයි.

මෙවර පන්දුවාර 20 ලෝක කුසලානයේ අවසන් මහා තරගය ලබන ජුනි මස 29 වැනිදා කොදෙව් දේශයේ බාබඩෝස්හිදී පැවැත්වීමට නියමිතයි.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

7 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

9 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

10 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

11 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

12 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

14 hours ago