ශ්‍රී ලංකා

හෝමාගම කර්මාන්ත ශාලාවකින් දුමාරයක් – ප්‍රදේශයේ ජනතාවට පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

හෝමාගම කටුවාන කර්මාන්ත පුරයෙහි මීට මාස කිහිපයකට පෙර අවස්ථා දෙකකදී ගිනිගත් ක්ලෝරීන් නිෂ්පාදන කර්මාන්ත ශාලාවෙහි යළිත් දුමාරයක් පැතිරෙමින් තිබෙන බව පොලීසිය පවසයි.

අප කළ විමසීමක දී හෝමාගම පොලීසිය සඳහන් කළේ, මේ වනවිට පවතින මීදුම් සහිත තත්ත්වයට ක්ලෝරීන් එකතුවීමක් සිදුව ඇති බවය.

කර්මාන්ත පුරයේ ඇති කර්මාන්ත ශාලාවල සේවකයින්ට මේ පිළිබඳ දැනුවත් කර ඇති බවත් සියලුදෙනා මුඛ ආවරණ පැලඳ සේවයේ නිරත වෙන ලෙසත් පොලීසිය දැනුම්දෙයි.

හිරු එළිය නිසි ලෙස පතිත වන්නේ නම් මෙම තත්ත්වය මඟ හැරී යන බවත්, එසේ සිදුවන තෙක් පවතින දුම සහිත ස්වභාවය හේතුවෙන් මුඛ ආවරණ නිසි ලෙස පැලඳ කටයුතු කරන ලෙසත් පොලීසිය ඉල්ලීමක් කරයි.

එමෙන්ම යම් අයෙකුට හුස්ම ගැනීමේ අපහසුතාවයක් පවතින්නේ නම් වහාම රෝහල්ගත වෙන ලෙස ද පොලීසිය දැනුම්දෙයි.

පසුගිය අගෝස්තු මස 17 වන දින රාත්‍රියේ ද මෙම රසායනික කර්මාන්ත ශාලාවේ ගින්නක් හටගෙන තිබිණි.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

14 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

17 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

18 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

19 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago