සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.
ඔහු කථානායකවරයා වෙත සිය අස්වීමේ ලිපිය අද (09) පාර්ලිමේන්තුවේදී ලබා දී තිබෙනවා.
හෘද සාක්ෂියට එකඟව මෙම තීරණය ගත් බවයි ඔහු සඳහන්කර සිටියේ.
පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන්කළේ මෙවැනි අදහසක්.
මම මේ පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ඔබතුමාට, ලේකම්තුමියට ලබා දුන්නා. ඒක ගෞරවයෙන් පිළිගන්න කියලා ඉල්ලා සිටිනවා. පාර්ලිමේන්තුවේ අද මම මේ කතා කරන විදිය, මන්ත්‍රීවරූ හැසිරෙන විදිය පටිගත වෙනවා. රෙකෝඩ් වෙනවා. හැබැයි ඔබතුමා නීත්‍යානුකූලව අවසර දීලා තියෙනවා මේ මයික් එකට කතා කළොත් විතරයි හැන්සාඩ් එකට ලියන්නේ කියලා. එක්තරා අවස්ථාවක මුහුණ දුන් අර්බුද හමුවේ
ජනතාවගේ පැත්තෙන් හිතලා මම මේ තීරණය ගත්තේ. ජනතාව හිතනවා මමත් වැරදි කාරයෙක් කියලා, හෘද සාක්ෂියට එකඟව මගේ දේශපාලන හැසිරීම ගැන මම දන්නවා. මගේ දරුවො ගැන හිතලා, ජනතාව එල්ල කරන සාපය ගැන හිතලා,මේ තීරණය ගත්තේ. ජනවරම පාර්ලිමේන්තුව ගොඩ නැගිය යුතුය යන බලපෑම මගේ තීන්දුව තුළ තියෙනවා. මම සතුටින් තමයි මෙම තීරණය ගන්නේ.
දෙහිවල දුම්රිය ස්ථානය අසලදී පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුකර ඇති බව වාර්තා වේ. මීට සුළු…
2014 වසරේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිඳු ගොවීන් සඳහා සහනදායි මිල ගණන් යටතේ බෙදා දීමට රුපියල් මිලියන…
ඉන්දියාවේ පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම The Resistance Front සංවිධානය (TRF) විසින් භාරගත් බව අමෙරිකානු රාජ්‍ය…
කොළඹ සිට මඩකලපුව බලා අද (18) අලුයම ධාවනය වුණු දුම්රියේ වන අලියෙකු ගැටී ඇති බව…
එළඹෙන අගෝස්තු 2 වැනිදා විවෘත වීමට නියමිත City of Dreams හෝටලයේ කැසිනෝ ශාලාව විවෘත කිරීමේ…
කහතුඩුව ප්‍රදේශයේ සිට සුදු පැහැති වෑන් රථයකින් පැහැරගෙන ගිය බව කියන 15 හැවිරිදි පාසල් සිසුවෙකු,…