පොළොන්නරුව – මඩකලපුව මාර්ගය ජලයෙන් යටවීමේ අවධානමක් ඇතිව තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
මේ වනවිට ගල්ලෑල්ල පාළම අසලින් අඩියක පමණ ජල මට්ටමක් පොළොන්නරුව – මඩකලපුව මාර්ගය හරහා පවතින බැවින් එම තත්ත්වය සැලකිල්ලට ගෙන ගල්ලෑල්ල ප්‍රදේශයෙන් මාර්ගය නැවත දැනුම්දෙන තුරුවසා තැබීමට පියවර ගත් බව ද අපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.
පවතින වර්ෂාව හේතුවෙන් මේ වන විට මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යමින් පවතින බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
මේ අතර මැණික් ගඟ පිටාර ගැලීමෙන් ඇතිවු ගංවතුර තත්ත්වයත් සමඟ යාල වනෝද්‍යානයේ තිස්සමහාරාම, පලටුපාන ප්‍රධාන පිවිසුම නැවත දැනුම්දෙන තුරු වසා දැමීමට පියවර ගෙන තිබේ.
වනෝද්‍යාන භාරකරු මනෝජ් විද්‍යාරත්න මහතා සඳහන් කළේ, සංචාරක බංගලා 06ක්ද මේ හේතුවෙන් වසා දැමීමට පියවර ගෙන ඇති බවය.
මේ අතර බදුල්ල බණ්ඩාරවෙල මාර්ගය හාලිඇළ හතේ කණුව ප්‍රදේශයෙන් අවහිර වී තිබේ.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ, ඊයේ (09) රාත්‍රී මාර්ගයට පස් කන්දක් නායයෑම හේතුවෙන් එය සම්පුර්ණයෙන් අවහිර වී ඇති බවය.
මාර්ගයට වැටී ඇති පස් ඉවත් ක්රීමේ කටයුතු අද (10) අලුයම 12.30ට පමණ නවතා දැමීමට කටයුතු කළ බව එම මධ්‍යස්ථානය පවසයි.
විශාල පස් කන්දක් මාර්ගයට කඩා වැටී ඇති හෙයින් අද දිනය තුළද එය සම්පූර්ණයෙන් විවෘත කිරීමට නොහැකි වනු ඇති බව සඳහන්ය.
විකල්ප මාර්ග ලෙස බණ්ඩාරවෙල ඇටැම්පිටිය මාර්ගය සහ දෙමෝදර ස්ප්‍රිංවැලි මාර්ගය භාවිත කළ හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
බණ්ඩාරවෙල ප්‍රදේශයේ සිට බදුල්ල නගරයේ උසස් පෙළ විභාග මධ්‍යස්ථාන වෙත සිසුන් 300ක පමණ පිරිස පැමිණෙන බවට වාර්තා බව බව ද සඳහන්ය.
මේ පිළිබඳව අවධානය යොමු කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කරයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…