ගුවන් යානයකින් මගියෙක් බිමට පැනීමේ සිද්ධියක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.
ඒ කැනඩාවේ ටොරොන්ටෝ පියර්සන් ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන්.
පියර්සන් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට ඩුබායි බලා පිටත් වීමට සූදානම් වූ යානයක සිටි මගියෙක් මෙසේ යානයෙන් පිටතට පැන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාකර සිටින්නේ.
යානයේ මගීන් ඔවුන්ගේ ආසනවල වාඩි වී සිටියත් එක් මගියෙක් පමණක් තම අසුනේ වාඩි නොවී සිටි අතර හදිසියේම ඔහු ගුවන් යානයේ දොර විවෘත කර පහළට පැන තිබෙනවා.
මෙම පුද්ගලයා අඩි 20ක් පමණ උසකින් පැන ඇති අතර පොලිසිය සහ ගලවා ගැනීමේ කණ්ඩායම් කඩිනමින් එම පුද්ගලයා බේරාගෙන රෝහල් ගත කර ඇති බවයි වාර්තා වෙන්නේ.
ඔහු ගුවන් යානයෙන් පැනීමේ හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මෙම සිදුවීමත් සමඟ යානය ඩුබායි බලා පියාසර කිරීම පැය 6කින් ප්‍රමාද වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තාකර සිටින්නේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…