සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තුන්වැනි සහ අවසන් එක්දින තරගය කඩුලු 8 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව 2-0ක් ලෙස තරගාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණා.
තරගයේ කාසියේ වාසිය දිනා ගත් සිම්බාබ්වේ කණ්ඩායම පළමුව පන්දුවට පහර දුන් අතර ඔවුන්ට සියලු දෙනා දැවී ලබා ගත හැකි වුයේ ලකුණු 96ක් පමණයි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 16යි පන්දු 4ක් තුළ කඩුලු 2ක් පමණක් දැවී එම ඉලක්කය ජය ගැනීමට සමත් වුණා.
කුසල් මෙන්ඩිස් තම කණ්ඩායම වෙනුවෙන් අගනා ඉණිමක් ක්‍රීඩා කළ අතර ඔහු නොදැවී ලකුණු 66ක් රැස් කළා.
අවස්ථා කිහිපයකදී වර්ෂාව හේතුවෙන් තරගය තාවකාලිකව නතර කිරීමට ද සිදු වුණා.
වර්ෂාව හේතුවෙන් එක් කණ්ඩායමකට පන්දුවාර 27 බැගින් ලබාදීමට විනිසුරුවන් තීරණය කරනු ලැබුවා.
මෙම තරගයේදී වනිඳු හසරංග තම එක්දින දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කරනු ලැබුවේ ලකුණු 19කට කඩුලු 07ක් බිඳ දමමින්.
තරගාවලියේ වීරයා ලෙස නවක ක්‍රීඩක ජනිත් ලියනගේ නම් කළ අතර අද (11) තරගයේ වීරයා ලෙස වනිදු හසරංග නම් කර තිබෙනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…