18 හැවිරිදි තරුණියක් දූෂණය කිරීමේ චෝදනාවට වරදකරු වූ නේපාලයේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සංදීප් ලමිචේන් එරට අධිකරණයක් වසර අටක සිර දඬුවමක් නියම කර තිබේ.
සිර දඬුවමට එරෙහිව ඉහළ උසාවියේ අභියාචනයක් ඉදිරිපත් කරන බව ඔහුගේ නීතීඥවරයා ප්‍රකාශ කළේය.
23 හැවිරිදි සංදීප් ලමිචේන් නේපාලයේ ක්‍රිකට් ක්‍රීඩාවේ සංකේතයක් වි සිටියේය.
ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, පාකිස්තානය සහ බටහිර ඉන්දීය කොදෙව්හි ප්‍රමුඛ පෙළේ විස්සයි20 ලීගවලට සහභාගී වූ හිමාලයානු රටේ එකම ක්‍රීඩකයා වූයේය.
මෙම පා දඟ පන්දු යවන්නාගේ පිටියේ සාර්ථකත්වය නේපාලයේ ක්‍රිකට් ක්‍රීඩාවේ ගෞරවය ඉහළ නැංවීය.
2022 දී කත්මණ්ඩු හෝටලයක දී තරුණියක් දූෂණය කළ බවට ඔහුට චෝදනා එල්ල වූ අතර පොලිසිය ඔහු අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කිරීමෙන් පසු අත්අඩංගුවට ගනු ලැබීය. පසුව ඔහු ඇප මත නිදහස් වූයේය.
අනතුරුව ජාත්‍යන්තර තරඟාවලි සඳහා තරඟ කිරීමට නැවත සංචිතයට ද ඇතුළත් විය.
නැවත නැවතත් ප්‍රමාද වූ නඩු විභාගයකින් පසු පසුගිය මාසයේ සංදීප් ලමිචේන් ස්ත්‍රී දූෂණයට වැරදිකරු විය.
ඔහුගේ නීතීඥවරයා දඬුවම් නියම කිරීමට පෙර කියා සිටියේ ලැමිචනේ ඔහුට එල්ල වූ චෝදනාවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බවය.
කත්මණ්ඩු දිස්ත්‍රික් උසාවියේ නිලධාරි චන්ද්‍ර ප්‍රසාද් පාන්ති පැවසුවේ ලමිචනේ දඩයක් ලෙස ඩොලර් 3,770 ක් පමණ ගෙවිය යුතු බවත් වින්දිතයාට වෙනම වන්දියක් ගෙවිය යුතු බවත්ය.
අධිකරණයේ තීන්දුව ගැන අපට ගැටළු තිබෙනවා… අධිකරණය විසින් සංදීප් ලමිචේන් වැරදිකරුවෙකු බව ප්‍රකාශ කර තිබෙනවා. යුක්තිය සඳහා සන්දී ඉහළ උසාවියට යනු ඇති.
නීතිඥ සරෝජ් ගිමිරේ බදාදා රොයිටර් පුවත් ඒජන්සියට පැවසීය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…