ශ්‍රී ලංකා

සුසාර දිනාල් සිරසෙන් සමු ගනියි – ස්වර්ණවාහිනියට පිම්මක්?

ප්‍රවීණ මාධ්‍යවේදී නීතීඥ සුසාර දිනාල් සිල්වා මහතා තමන් හෙබවූ MTV ප්‍රධාන විධායක තනතුරෙන් සමුගෙන තිබෙනවා.

කැපිටල් මහාරජා සමූහය යටතේ වසර විසිදෙකක දීර්ඝ සේවා දිගුව අවසන් කරමින් ඔහු සිය අස්වීම ප්‍රකාශ කොට තිබෙනවා.

1997 වසරේදී ප්‍රවෘත්ති නිවේදකයෙක්,නිෂ්පාදකයෙකු ලෙස ස්වර්ණවාහිනී නාලිකාව හරහා රූපවාහිනී ක්ෂේත්‍රයට අත්පොත් තැබූ සුසාර දිනාල් මහතා ඉන්පසුව MTV / MBC සිරසෙ ටීවී වැඩසටහන් අධ්‍යක්ෂකවරයා ලෙස සම්බන්ධ වුණේ මීට වසර 22 කට පෙරයි.

ඉන් පසුව Newsfirst ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරයා ලෙසත් ඔහු වසර ගණනාවක් කටයුතු කර තිබෙනවා.

වසර 24කට වැඩි මාධ්‍ය ජීවිතය තුල සිරස සුපර් ස්ටාර්, සිරස කුමරිය, ඩාන්සින් ස්ටාර්, ද වොයිස්, ඇතුළු නව මානයේ පෙරළිකාර නිර්මාණ රැසක් ප්‍රේක්ෂකයාට ලබාදෙමින් සහ ධර්මයුද්ධය, තාල, යූ ටර්න් ඇතුළු විශිෂ්ට මට්ටමේ ආදායම් වාර්තා තැබූ චිත්‍රපට බොහොමයකට තම මෙහෙයුම් නායකත්වය ද ලබා දී තියෙනවා.

2014 වසරේදී ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂකයෙකු ලෙස ද මැතිවරණයට ඉදිරිපත්වී පරාජයට පත්වුණා.

කෙසේ වෙතත් මේ වන විට තොරතුරු වාර්තා වන්නේ සුසාර දිනාල් මහතා අල්ලිරාජා සුබාෂ්කරන් මහතාට අයත් ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයේ SBC TV නාලිකාවේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ඉදිරියේ දී වැඩ භාරගැනීමට නියමිත බවයි.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

19 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

22 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

23 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago