ශ්‍රී ලංකා

මහනුවර රෝහලේ වෛද්‍යවරියන් ඇඳුම් මාරු කරනු රහසේ වීඩියෝ කළ සුළු සේවකයා අත් අඩංගුවට!

මහනුවර ජාතික රෝහලේ උගුර කණ නාසය පිළිබඳ ඒකකයේ ශල්‍යාගාරයට යාබද වෛද්‍යවරියන් ඇඳුම් මාරුකරන ස්ථානයේ දර්ශන රහසින් රූගත කළ රෝහල් සුළු සේවකයෙක් අද (13) පොලිස් අත් අඩංගුවට ගෙන තිබේ.

වාර්තාවන පිරිදි සිද්ධිය මෙසේය.

ශල්‍යාගාරයට පිවිසීම සඳහා වෛද්‍යවරුන් ඇඳුම් මාරුකරන කාමරටය පැමිණ ඇඳුම් මාරු කරමින් සිටි වෛද්‍යවරියකට සැක කටයුතු ලෙස තිබූ ජංගම දුරකථනයක් හමු වී තිබේ.

ඇය එම දුරකථනය පරීක්ෂා කර බලනවිට එහි ඇඳුම් කාමරයේ දර්ශන වීඩියෝ වෙමින් පැවති ආකාරය දැක ඇත.

වඩාත් පරීක්ෂා කිරීමේ දී ඇය ගේ දර්ශන මුළුමනින්ම වීඩියෝගත වී තිබුණු බව දුටු ඇය එම දර්ශන මකා දමා වහාම මේ සම්බන්ධව රෝහල් පරිපාලනයට පැමිණිලි කර තිබේ.

රෝහල් පරිපාලනය සීසීටීවී දර්ශන පරීක්ෂා කරනවිට පෙනී ගොස් ඇත්තේ රෝහලේ සුළු සේවකයෙක් කාමරයට ඇතුළු වී මෙම වීඩියොගත කිරීම සඳහා ජංගම දුරකථන ස්ථානගත කර යන ආකාරය ය.

මෙම පුද්ගලයා හතලිස් හැවිරිදි තිදරු පියෙකි.

ඔහුගේ බිරිය ද රෝහලේම සේවය කරන සුළු සේවිකාවකි. පොලිස් අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කරමින් යද්දී මෙම පුද්ගලයා පවසා ඇත්තේ තමන් මාස ගණනක සිට මෙම වීඩියෝගත කිරීම සිදුකළ බවත්, එසේ ඇඳුම් මාරුකරන වෛද්‍යවරියන්ගේ වීඩියෝ නරඹා මකා දමන බවත්ය.

කෙසේ වෙතත් එක් වෛද්‍යවරියකගේ වීඩියෝවක් පමණක් මකන්නේ නැතිව ඔහු තමන් සතුව තබාගෙන තිබිය දී පොලිස් විමර්ශන අංශ වෙත හමු වී තිබේ.

සිද්ධිය සම්බන්ධව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

19 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

23 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago