අයිස්ලන්තයේ ගිනිකන්දක් විදාරණය වෙයි – ලාවා කාන්දුවෙන් නිවාස ගිනිගනී (VIDEO)

අයිස්ලන්ත ධීවර නගරයක් වන Grindavik හි ගිනිකඳු දෙකක සක්‍රීය වී ලවා ගලා ගොස් නිවාස ගිනිගෙන ඇති බව වාර්තා වනවා.

ඊයේ (14) අලුයම Reykjanes අර්ධද්වීපයේ ගිනි කන්දක් පුපුරා ගොස් ලාවා නගරයට කාන්දු වූ බවයි එරට වාර්තා පවසන්නේ.

නමුත් ඒ වන විට නගරයේ මුළු ජනගහනයම ඉවත් කර තිබී ඇති අතර, මෙම තත්ත්වය එහි ඉතිහාසයේ නරකම අවස්ථාව බව ඔප්පු වෙමින් පවතින බවයි කාලගුණ විද්‍යා කාර්යාලය පැවසුවේ.

පසුගිය දෙසැම්බරයේ ගිනි කන්ද සක්‍රීය වීම ආරම්භ වූ අතර, ලාවා ගලා යාම පාලනය කිරීමට ගොඩ නගන ලද ආරක්ෂිත බැමි විනාශ කරමින් ලාවා ගලා යන බව සඳහන්.

ලාවා ගලායාමෙන් නගරයට ඇතුළු වන ප්‍රධාන මාර්ගය අවහිර වී තිබෙනවා.

ජාතිය අමතමින් අයිස්ලන්ත ජනාධිපති ගුඩ්නි ජෝහැන්සන් ජනතාවගෙන් ඉල්ලා සිටියේ සියලු දෙනා මේ අවස්ථාවෙදී විපතට පත් ජනතාවට සහය දැක්විය යුතු බවයි.

තත්වය සමනය වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන නමුත් ඕනෑම දෙයක් සිදුවිය හැකි බවත් ඔහු පවසා තිබෙනවා.

මෙම ගිනිකඳු පද්ධතියේ දෙසැම්බර් පිපිරීමට පෙර ප්‍රබල භූමිකම්පා කම්පන ඇති වූ අතර, එතැන් සිට සති කිහිපය තුළ, මිනිසුන් 4,000 ක් පමණ වාසය කරන ග්‍රින්ඩාවික් වෙතින් ජනතාව ඉවත් කරමින් ගිනි කන්ද වටා තාප්ප ඉදි කෙරුනා.

අයිස්ලන්ත කාලගුණ විද්‍යා කාර්යාලය පැවසුවේ එම වට තාප්පය සමහර ස්ථානවලින් බිඳී ඇති අතර, එම නිසා ලාවා නගරයට කාන්දු වී එමඟින් නිවාස සහ ගොඩනැගිලි ගිනිබත් වී ඇති බවයි.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago