සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය හෙට (16) පෙරවරු 6.30 සිට පැය 24ක සංකේත වැඩ වර්ජනයක නිරත වීමට නියමිතයි.
සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා ආර්ථික යුක්තිය ඉටු කිරීමට බල කරමින් සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් ඒකාබද්ධව මෙම වැඩ වර්ජනයක ක්‍රියාත්මක කරන බවයි සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා ආර්ථික යුක්තිය ඉටු කිරීමට රුපියල් 35,000ක දීමනාවක් ලබාදීම පිළිබඳව කඩිනම් සාකච්ඡාවක් ලබාදෙන ලෙසත් සාකච්ඡා මාර්ගයෙන් එම ගැටලුව විසඳිම සඳහා බදිහත්වීම ලබාදෙමින් සෞඛ්‍ය සේවය තුළ ඇතිකරන ලද නොසන්සුන්තාව වලක්වා ගැනීමට කටයුතු කරන ලෙසත් එම වෘත්තීය සමිති සන්ධානය සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත දැනුම් දෙනවා.
ඒ අනුව අමාත්‍යවරයාගේ ප්‍රතිචාරය මත වර්ජනයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ඉදිරියේ දී තීරණය කරන බවයි ඔවුන් සඳහන් කරන්නේ.
වෛද්‍යවරුන්ට ලබාදීමට තීරණය කර ඇති රුපියල් 35,000ක දීමනාව තමන්ට ද ලබාදෙන ලෙස ඉල්ලමින් සෞඛ්‍ය සේවාවේ වෘත්තීය සමිති කිහිපයක් ඒකාබද්ධව දින කිහිපයක් සිදු කළ වර්ජන ක්‍රියාමාර්ගය පසුගිය 12 වනදා අවසන් වුණා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…