ශ්‍රී ලංකා

කන්දකාඩු සිද්ධිය ගැන විමර්ශනයට පංච පුද්ගල කමිටුවක් !

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් රැඳවියන් පිරිසක් පලා යාමට අදාළ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීමට පංච පුද්ගල කමිටුවක් පත්කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා අවශ්‍ය නිර්දේශ ලබාගැනීම සඳහායි අධිකරණ බන්ධනාගාර හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ විජේදාස රාජපක්ෂ විසින් මෙම කමිටුව පත්කර ඇත්තේ.

ඊට අදාළ පරීක්ෂණ හා නිර්දේශ ඇතුළත් වාර්තාව සති 3ක් ඇතුළත ලබාදෙන ලෙසට ද අමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබෙනවා.

මෙම කමිටුවේ සභාපතිවරයා ලෙස හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු හෙක්ටර් යාපා පත් කර ඇති අතර, අනෙකුත් සාමාජිකයින් වන්නේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ පාලන හා පොලිස් අතිරේක ලේකම් එම්.එස්.පී. සූරියප්පෙරුම, අධිකරණ බන්ධනාගාර හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ පාලන ලේකම් ආර්.එස්. හපුගස්වත්ත, එම අමාත්‍යාංශයේ අතිරේක නීති ලේකම් පියුමන්ති පීරිස් සහ ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් දිසානායක බවයි සඳහන් වන්නේ.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

1 day ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

1 day ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago