යාපනය, චුන්නාකම්, මයිලන්ගාඩු ප්‍රදේශයේදී අවුරුදු 14ක දැරියක් දූෂණය කළ එම දැරියගේ මාමා කෙනෙකු පොලිසිය විසින් ඊයේ (15) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
චුන්නාකම් පොලිසිය සඳහන් කළේ මෙම පුද්ගලයා නිවසේ කිසිවෙකු නොමැති අවස්ථාවලදී දැරියට නිදිපෙති මුසුකළ පැණිබීම පානය කිරීමට දී ඇය නින්දට ගිය පසුව මෙලෙස දූෂණය කොට ඇති බවයි.
දීර්ඝ කාලයක් තිස්සේම ඔහු මෙම ක්‍රියාව සිදුකොට ඇති අතර, හදිසියේම නිවසට පැමිණි අයෙකු නිසා මෙම සිද්ධිය හෙළි වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ.
ඒ අනුව, එම දැරියගේ දෙමව්පියන් චුන්නාකම් පොලිසියට කළ පැමිණිල්ලකින් පසුව ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු අත්අඩංගුවට ගත් පසුව මානසික රෝගියෙකු ලෙස හැසිරීමට පටන් ගැනීම නිසා අධිකරණ නියෝගයක් මත ඔහුව පූර්ණ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යාපනය ශික්ෂණ රෝහලේ මානසික රෝග වෛද්‍යවරයා වෙත යොමු කොට තිබෙනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…