මුදලට පන්ති පැවැත් වූ මධ්‍යම පළාතේ පාසල් ගුරුවරු 51 දෙනකු ඔවුන් සේවය කළ පාසල්වලින් වෙනත් පාසල්වලට මාරු කිරීමට මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
ඒ පාසලේ තම පන්තියේ අධ්‍යාපනය ලබන සිසුන්ගෙන් මුදල් අය කර උපකාර පන්ති නොපවත්වන ලෙස චක්‍රලේඛයක් මඟින් දැනුම් දී තිබියදීත් ඊට පටහැණිව කටයුතු කිරීම හේතුවෙන්.
මෙම චක්‍රලේඛය උල්ලංඝනය කරමින් ඇතැම් ගුරුවරු අමතර පන්ති පවත්වන බවට ලද තොරතුරු මත අදාළ ස්ථාන වැටලීම සඳහා මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම් මේනක හේරත් මහතාගේ උපදෙස් මත විශේෂ වැටලීම් ඒකකයක් ද ස්ථාපිත කර තිබෙනවා.
තොරතුරු ලැබුණු විගස වැටලීම් ඒකකයේ කණ්ඩායමක් අදාළ ස්ථානවලට යොමු කර විධිමත් විමර්ශනයක් සිදු කර චක්‍රලේඛය උල්ලංඝනය කළ ගුරුවරුන් වෙනත් පාසල්වලට මාරුකර යැවීමට පියවර ගත් බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ.
මේ අතර තම අයිතිවාසිකම් පිළිබඳ මෙන්ම යුතුකම් හා වගකීම් පිළිබඳව ද ගුරුවරු මෙන්ම ගුරු සංගම් අවධානය යොමු කළ යුතුව ඇතැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් සඳහන් කළා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…