ආහාර

කුණු ලම්ප්රයිස් විකුණලා Perera and Sons වරද පිළි ගනියි – අධ්‍යක්ෂ මණ්ඩලයට නඩු!

පෙරේරා ඇන්ඩ් සන්ස් (Perera And Sons) හි ප්‍රධාන ශාඛාවෙන් ලබාගෙන පරික්ෂාවට ලක්කරන ලද ලම්ප්රයිස් (Lamprais) තොගයක් මිනිස් පරිභෝජනයට නුසුදුසු බවට තීන්දුවීමෙන් පසු වරද පිළිගත් එම ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් 9දෙනෙකුට රුපියල් 180,000 ක දඩයක් නියම කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් තීන්දු කර තිබෙනවා.

ගොතටුව මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය විසින් පෙරේරා ඇන්ඩ් සන්ස් (Perera And Sons) වෙතින් අදාළ ලම්ප්රයිස් (Lamprais) ලබාගෙන බොරැල්ල වෛද්‍ය පරීක්ෂණ ආයතනයට පරික්ෂා කිරීමට බාරදී තිබුණා.

පසුව බොරැල්ල වෛද්‍ය පරීක්ෂණ ආයතනය විසින් ඒවා තුළ බැක්ටීරියානුවේදීව දූහනය වී ඇති බව තහවුරු කරමින් ඊට අදාළ පරීක්ෂණ වාර්තාව බොරැල්ල වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ රස පරීක්ෂකවරයින් විසින් ලබාදී තිබෙනවා.

පසුව ගොතටුව මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය විසින් පෙරේරා ඇන්ඩ් සන්ස් (Perera And Sons) ආයතනයට හා එහි අධ්‍යක්ෂවරුන් නමදෙනෙකුට එරෙහිව එක් අධ්‍යක්ෂවරයකුට චෝදනා දෙක බැගින් ගොනුකරමින් මේ නඩුව පවරා තිබෙන බවයි වාර්තා වන්නේ.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

6 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

8 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

9 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

10 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

11 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

13 hours ago