ශ්‍රී ලංකා

පෙම්වතා සමඟ එක්ව මව ඝාතනය කළ දියණියට ලැබුණ දඩුවම මෙන්න !

පෙම්වතා සමග එක්ව සිය මව ඝාතනය කර සිරුර ‘සූට් කේස්’ එකක සැඟවීම සම්බන්ධයෙන් වරදකරු වූ කාන්තාවකට වසර 26ක සිර දඬුවමක් නියම කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

එසේ සිර දඬුවම් ලබා දී ඇත්තේ 28 හැවිරිදි හීතර් මැක් නම් අමෙරිකානු කාන්තාවකට ය.

2014 වසරේදී බාලි දූපතේ නිවාඩුවක් ගත කරන අතරතුර ශීලා වොන් වීසා-මැක් ව හුස්ම හිර කර හිසට පහරදී ඝාතනය කර තිබුණි.

ඇය ධනවත් කාන්තාවකි.

පසුව හෙළිවූයේ එවකට 18 හැවිරිදි වියේ පසුවූ හීතර් මැක් ඇයගේ පෙම්වතා වූ ටොමී ශීෆර් සමග එක්ව ඇයව ඝාතනය කර සිරුර සූට් කේස් එකක දමා තිබූ බවයි.

මළ සිරුර සහිත සූට් කේසය මෝටර් රථයක ඩිකියේ සඟවා තිබියදී හමුවූ අතර ඒ වනවිට මැක් සිය පෙම්වතා සමග වෙනත් හෝටලයක නවාතැන් ගෙන සිටි බව පරීක්ෂණවලදී අනාවරණ වුණි.

ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් මැක් ට 2015 දී වසර 10ක සිරදඬුවමක් නියම කළ අතර නමුත් ඇයව 2021 වසරේදී නිදහස් කෙරුණි.

අනතුරුව අමෙරිකාවට පැමිණි ඇයව එහිදී අත්අඩංගුවට පත්වූයේ අමෙරිකානු පුරවැසියෙක් ව ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙනි.

අධිකරණ නියෝගය ලැබෙන තෙක් ඇය පසුගිය වසර දෙක චිකාගෝ බන්ධනාගාරයේ රඳවා සිටියා ය.

ඇයගේ පෙම්වතා වූ ටොමී ශීෆර් තවමත් ඉන්දුනීසියාවේ සිරගත කර සිටියි.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

14 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

17 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

18 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

19 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago