සෞඛ්‍ය

සුළු සේවිකාවකට පහර දුන් විශේෂඥ වෛද්‍යවරයා අත් අඩංගුවට – කරාපිටියේ වෛද්‍යවරු හැර සමස්ථ රෝහල් කාර්ය මණ්ඩලයම එළියට බසිති!

අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා පොලිස් ආරක්ෂාව යටතේ පෞද්ගලික රෝහලක නතරව සිටින බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

කෙසේ වෙතත් අද (18) අලුයම 3.00සිට සුලු සේවිකාවකට පහරදුන් බව කියන ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා රෝග පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා වහාම අත් අඩංගුවට ගන්නා ලෙස බලපෑම් කරමින් කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් හැර සමස්ථ කාර්ය මණ්ඩල සේවක සේවිකාවන් රාජකාරිවලින් බැහැර වී විරෝධතාවයක් ආරම්භ කර තිබේ.

විශේෂඥ වෛද්‍යවරයාගේ හැසිරීමට එරෙහිව ඊයේ (17) පස්වරුවේ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල් පරිශ්‍රය තුළ විරෝධතාවයක නිරත වූ සේවක පිරිස ඊයේ එම විරෝධතාවය නිමා කළහ.

අනතුරුව අද (18) උදෑසන ඇරඹි විරෝධතාවයට වෛද්‍යවරු හැර සමස්ථ රෝහල් කාර්ය මණ්ඩලය එක් වී ඇත්තේ විශේෂඥ වෛද්‍යවරයා අත් අඩංගුවට ගන්නා ලෙස බලපෑම් කරමිනි.

වෛද්‍ය කාර්ය මණ්ලයට විශේෂිත DAT දීමනාව ඉල්ලා සුළු සේවකයින් ද වර්ජනය කිරීම සම්බන්ධව සුළු සේවකයින් සහ වෛද්‍යවරයා අතර ඇති වූ බහින්බස් වීමක් සම්බන්ධව ඊයේ උදේ වාර්තා වී තිබිණි.

පසුව කණිෂ්ඨ කාර්යමණ්ඩල සේවකයින් විසින් මේ පිළිබඳ රෝහල් අධ්‍යක්ෂකවරයා ද දැනුවත් කොට ඇති අතර සිද්ධිය සමථයකට පත්ව තිබිය දී පස්වරුවේ යළිත් විශේෂඥ වෛද්‍යවරයා සමග බහින්බස් වීමක් ඇති කරගත් සුළු සේවිකාවකට ඔහු පහර දී ඇත.

එම පහරදීමට එරෙහිව ඊයේ විරෝධතාවයක් ඇරඹූ කණිෂ්ට කාර්ය මණඩලයට මේ වනවිට සමස්ථ රෝහල් කාර්ය මණ්ඩලයම සහයෝගය දක්වමින් ඇති අතර රෝහල් සේවා අඩාල වී තිබේ.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

6 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

8 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

9 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

10 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

11 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

13 hours ago