සෞඛ්‍ය

ඩෙංගු වැළඳී නේවාසිකව ප්‍රතිකාර ගෙන නිවසට පැමිණි තරුණයෙක් අසල බැංකුවට ඇවිද යද්දී මහ මග ඇද වැටි මරුට!

ඩෙංගු රෝගය සඳහා යාපනය ශික්ෂණ රෝහලෙන් ප්‍රතිකාර ලබා නිවසට පැමිණ නිවස අසල වූ බැංකුවකින් මුදල් ලබා ගැනීමට යමින් සිටි පුද්ගලයෙකු මහ පාරේ ඇද වැටී ඊයේ (19) මියගොස් තිබේ.

යාපනයේ අරියාලේ රාසතෝට්ටම් ප්‍රදේශයේ පදිංචි සෙල්වරාසා සින්ධුජන් (31) නමැති දෙදරු පියෙකු මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත.

ඔහු උණ රෝගයට මීට දින කීපයකට ඉහතදී ප්‍රතිකාර ලබා ගැනීමට යාපනය ශීක්ෂණ රෝහලට ගිය අවස්ථාවේදී ඔහුට ඩෙංගු උණ රෝගය වැළදී ඇති බව තහවුරු වීමෙන් පසුව ඔහුට නේවාසීකව ප්‍රතිකාර කර තිබේ.

පසුව අද රෝහලෙන් නිදහස් කළ ඔහු නිවසට පැමිණ නිවස අසල වූ බැංකුවට පයින් යාමේදී මහපාරේ ඇද වැටී එම ස්ථානයේදීම මියගොස් ඇත.

වහාම ඔහුව යාපනය ශීක්ෂණ රෝහල වෙත රැගෙන ගොස් ඇතත් ඊට පැය බාගයකට පමණ ඉහතදී ඔහු මියගොස් ඇතැයි වෛද්‍යවරු ප්‍රකාශ කර තිබේ.

යාපනය ශීක්ෂණ රෝහලේදී මියගිය පුද්ගලයා සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්විමට නියමිතව ඇත.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

14 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

18 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

19 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago