සමාජ මාධ්‍ය ඔස්සේ බුදු දහමට අපහාසවන ආකාරයේ යළි ප්‍රකාශ සිදුකළ විශ්ව බුද්ධ නැමැති පුද්ගලයා ලබන 26 වැනි දින තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි නුගේගොඩ ගංගොඩවිල මහේස්ත්‍රාත් සුනිල් හෙට්ටිආරච්චි මහතා අද නියෝග කළේය.
ඒ මින් පෙර අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටියදී ඇප කොන්දේසි කඩකරමින් යළිත් වරක් අන්තර්ජාලය ඔස්සේ බුදු දහමට අපහාස කිරීම හේතුවෙන් අධිකරණ නියෝග මත සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේය.
විශ්ව බුද්ධ නමින් තමාව හඳුන්වාගනිමින් සමාජ මාධ්‍යජාලා ඔස්සේ බුදු දහම සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදුකළ චීවරධාරියකු සම්බන්ධයෙන් පසුගිය දිනවල සමාජයේ දැඩි කථාබහක් නිර්මාණය වුණා.
ඔහු ඇතැම් අවස්ථාවලදී ගිහියෙකු ලෙස ද සැරසී සාමාජ මාධ්‍යට විවිධ වීඩියෝ නිකුත්කර තිබුණා. අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ඔහු පසුව ඇප මත මුදා හැරුණා.
ඇප මත මුදාහැර සිටි සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් ඊයේ පස්වරුවේ යළි අත්අඩංගුවට ගත්තේ කළගෙඩිහේන තිහාරිය ප්‍රදේශයේ නිවසක රැඳී සිටියදීයි.
ඒ ඇප මත මුදා හැර සිටියදී ඇප කොන්දේසි කඩවන අයුරින් තවදුරටත් අන්තර්ජාලය ඔස්සේ බුදු දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශ සිදුකිරීම හේතුවෙන්. එම සිදුවීමත් සමඟ රත්නපුර විමල බුද්ධි හිමි හෙවත් සැකකරු ශිෂ්‍යභාවයෙන් හා නිකායෙන් නෙරපීමට රාමාඤ්ඤ මහා නිකායේ කාරක සංඝ සභාව ඉකුත් වසරේ දෙසැම්බර් මස 15 වෙනිදා ඒකමතිකව තීරණය කර තිබුණා.
ඒ ඔහු පැවිදි කරවූ උරුවල විනීත හිමියන් සිදුකළ ඉල්ලීමක්ද සැලකිල්ලට ගනිමින්.
ඒ අනුව, අග්ගමහා පණ්ඩිතය මකුලෑවේ විමල රාමාඤ්ඤ මහා නිකායේ මහනායක මහනාහිමියන් ඒ බව බෞද්ධ කටයුතු පිළිබඳ කොමසාරිස් ජනරාල්වරයාට ලිඛිතව දැනුම්දී තිබෙනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…