ක්‍රිකට්

Under-19 World Cup – යොවුන් ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් ජයග්‍රාහී ආරම්භයක්!

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන 2024 වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය (Under-19 World Cup) යටතේ තමන් ක්‍රීඩා කළ පළමු තරගයෙන් ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අද (21) සමත් වුණා.

ශ්‍රී ලංකාව හමුවේ ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 39 කින් පරාජයට පත් වූයේ සිම්බාබ්වේ යොවුන් කණ්ඩායමයි.

කිම්බර්ලි හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාවට පන්දුවාර 48.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 204 ක් පමණයි.

ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුලු 3 ලකුණු 12 ක් තුළ බිද වැටුණු අතර, 5 වැනි කඩුල්ල දැවී ගියේ ලකුණු 88 ක්ව තිබියදීයි.

කෙසේ වෙතත්, සටන්කාමී ඉනිමක නිරත වූ දිනුර කලුපහන පන්දු 55 කින් ලකුණු 60 ක් වාර්තා කරමින් ශ්‍රී ලංකාව සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට පදනම සකස් කළා.

ෂරුජන් ෂන්මුගනාදන් නොදැවී ලකුණු 41 ක් ලබා ගත් අතර, රවිෂාන් ද සිල්වා හා රුසද ගමගේ ලකුණු 31 බැගින් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් කෝල් එක්ස්ටීන් ලකුණු 40කට කඩුලු 3 ක් දවා ගත්තා.

සිම්බාබ්වේ පිළිතුරු ඉනිම අතරතුර දී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ බැවින් ඔවුන්ට ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ පන්දුවාර 22 කදී ජයග්‍රහනය සදහා හිමි වූ ඉලක්කය ලකුණු 129 ක්.

කෙසේ වෙතත්, සිම්බාබ්වේ කණ්ඩායමේ සියලු දෙනා පන්දුවාර 21.1 ක් තුළ ලකුණු 89 කට දැවී ගියා.

නායක මැතිව් ෂොන්කන් ලකුණු 27 ක් රැස් කළා. පන්දු යැවීමේ දී මල්ෂ තරුපති ලකුණු 17 කට කඩුලු 4ක් දවා ගත් අතර, විශ්ව ලහිරු හා රුවිෂාන් පෙරේරා කඩුලු දෙක බැගින් බිද හෙලුවා.

තරගයේ වීරයා බවට පත්වුයේ පිත්තෙන් වේගවත් ලකුණු 60ක් රැස් කරමින් පන්දු යැවීමෙන් කඩුල්ලක් ලබාගත් දිනුර කළුපහනයි.

ශ්‍රී ලංකා 19න් පහල කණ්ඩායම සහභාගී වන මීළඟ තරඟය ලබන 24 වනදා නැමීබියාව සමඟ පැවැත්වීමට නියමිතයි.

මේ අතර, අද පැවැති තරගාවලියේ 7 වැනි තරගයෙන් නේපාලය පරදා ලකුණු 64 ක ජයක් වාර්තා කිරීමට නවසීලන්තය සමත් වුණා.

පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත යොවුන් කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 302 ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නේපාලයට කඩුලු 9ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 238 ක් පමණයි.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago