ශ්‍රී ලංකා

ඊනියා ‘යුක්තිය’ මෙහෙයුම වහාම අත්හිටුවන්න – එක්සත් ජාතින්ගෙන් අනතුරු ඇඟවීමක් !

ඊනියා ‘යුක්තිය’ මෙහෙයුම වහාම අත්හිටුවා සමාලෝචනය කරන ලෙසත් සෞඛ්‍ය හා මානව හිමිකම් මත පදනම් වූ ප්‍රතිපත්ති කෙරෙහි අවධානය යොමු කරන ලෙසත් එක්සත් ජාතීන්ගේ විශේෂඥයෝ ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටිති.

අද (22) ජිනීවා එක්සත් ජතීන්ගේ මානව හිමිකම් කාර්යාලය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටින්නේ ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය නිවාරණය හා බැඳුණු දැඩි හමුදාමය පදනමක් සහිත වූ ප්‍රවේශය පිළිබඳ අනතුරු අඟවන බවය.

“මත්ද්රව්ය භාවිතා කරන්නන්ට මානව හිමිකම් ඇත,” විශේෂඥයන් පැවසීය. “ඔවුන් තවදුරටත් වෙනස් කොට සැලකීම් සහ අපකීර්තියට මුහුණ නොදී ගෞරවාන්විත ජීවිතයක් ගත කිරීමට සුදුසුයි.” ඔවුහු වැඩිදුරටත් නිවේදනය කළහ.

ආන්තික සමාජ-ආර්ථික කණ්ඩායම්වලින් මත්ද්‍රව්‍ය වැරදිකරුවන් දහස් ගණනක් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම සහ සිය ගණනක් හමුදා විසින් පවත්වාගෙන යනු ලබන අනිවාර්ය පුනරුත්ථාපන මධ්‍යස්ථානවල රඳවා තබා ගැනීම පිළිබඳ වාර්තා වූ සිද්ධීන් තමන් හෙළා දකින බව ද එක්සත් ජාතීන් ගේ නිවේදනයේ සඳහන් වේ.

ඔවුන් පවසන්නේ ‘යුක්තිය’ නම් වූ ආරක්ෂක මෙහෙයුමේදී ද වධහිංසා පැමිණවීම් සහ අයහපත් සැලකීම් වාර්තා වෙමින් ඇති බවය..

“මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සැක කරන වැරදිකරුවන්ට එරෙහිව පවතින දැඩි මර්දනයේ වර්තමාන සන්දර්භය දැඩි කනස්සල්ලට කරුණකි” එක්සත් ජාතීන්ගේ විශේෂඥවරු රජයට දන්වා සිටිති.

ඖෂධ ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය ඇතුළු මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්ගේ ස්වයං පාලනයට සහ දැනුවත් කැමැත්තට ගරු කරමින් හානි අවම කිරීමේ දෘෂ්ටිකෝණයකින් පුනරුත්ථාපනය සිදු කළ යුතු බව ඔවුහු අවධාරණය කරති.

“අනිවාර්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථාන වහා වසා දැමිය යුතු අතර ඒ වෙනුවට සාධක මත පදනම් වූ, අයිතිවාසිකම් පදනම් වූ සහ ප්‍රජා පදනම් වූ සමාජ සේවා මගින් ප්‍රතිස්ථාපනය කළ ස්වෙච්ඡා පුනරුත්ථාපන ක්‍රමයකට යා යුතුයි” යනුවෙන් රටට තාක්ෂණික සහයෝගීතාව සැපයීමට සූදානම්ව සිටින විශේෂඥයෝ සිය නිවේදනයෙන් දන්වා සිටිති.

ඔවුන් ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ වධහිංසා පැමිණවීම, අයහපත් ලෙස සැලකීම සහ නියමිත ක්‍රියාවලිය සහ සාධාරණ නඩු විභාගයේ අයිතිවාසිකම් ප්‍රතික්ෂේප කිරීම පිළිබඳ ඕනෑම චෝදනාවක් තරයේ සහ අපක්ෂපාතීව විමර්ශනය කරන ලෙසය.

ජාත්‍යන්තර මානව හිමිකම් නීතියට හා ප්‍රමිතීන්ට අනුකූලව මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් වත්මන් නීති සම්පාදනය සමාලෝචනය කරන ලෙසත්, මත්ද්‍රව්‍ය පාලනය සහ ප්‍රතිකාර ක්‍රියාකාරකම් සඳහා සන්නද්ධ හමුදා සම්බන්ධ වීම අවසන් කරන ලෙසත් ඔවුහු වැඩිදුරටත් රජයෙන් ඉල්ලා සිටිති.

මින් පෙරද එක්සත් ජතීන් විසින් මත්ද්‍රව්‍ය වැරදිකරුවන් යැයි සැක කරන පුද්ගලයින් සම්බන්ධව ශ්‍රී ලංකාවේ නීති සම්පාදනය සම්බන්ධව සිය කණස්සල්ල පළ කර තිබිණි.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

15 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

19 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

20 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

22 hours ago