හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ දියණිය පදිංචි බත්තරමුල්ල, වික්‍රමසිංහ පුර දෙමහල් නිවස හොරු කඩා තිබෙනවා.
තලංගම පොලිසිය පැවසුවේ සොරුන් විසින් දේපළ තොගයක් සොරා ගෙන ගොස් ඇති බවයි.
ඒ අනුව රුපියල් ලක්ෂ 30කට ආසන්න දේපළ මෙලෙස සොරුන් විසින් සොරාගෙන ඇති අතර නිවසේ අල්මාරියේ තිබූ රුපියල් 1,50,000ක මුදලක්, රන් ආලේපිත ඔටුවෙකුගේ පිළිමයක්, ස්මාර්ට් අත් ඔරලෝසුවක්, රන් ආලේපිත සිංගප්පූරු කාසි 8ක්, වියලි ආහාර ද්‍රව්‍ය හා පාසල් පොත් බෑගයක් ඒ අතරට අයත්ය.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ දියණියගේ සැමියා කොළඹ නිවසට පැමිණි අවස්ථාවේදී නිවස සොරුන් විසින් කඩා ඇති බව දැක පොලිසියට ඒ බව පැමිණිලි කර තිබෙනවා.
යම් පුද්ගලයකු හෝ කීප දෙනෙකු මුල්තැන්ගෙයි වීදුරු දොර කඩා නිවසට ඇතුළු වී නිවසේ තිබූ දේපළ සොරාගෙන ගොස් ඇති බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ව්‍යාපාරික බෑණා පොලිසියට පැමිණිලි කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…