යාපනයේ චුන්නාකම් කන්දරෝඩේ ප්‍රදේශයේදී මවක් හා දියණියක් අධික ලෙස බීමත්ව පාරේ වැටී සිටියදී ගම්වාසීන් විසින් ඊයේ (23) පොලිසියට භාර දී තිබෙනවා.
පොලිසියට රැගෙන ආ අවස්ථාවේ දී දියණිය පොලිසිය තුළ දමා මව පැන යාමට උත්සාහ කර ඇති අතර එහිදී පොලිසිය විසින් ඇයව අල්ලාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 52ක් වූ මවක් හා අවුරුදු 28ක් වූ දියණියක්.
මෙම දෙදෙනාම අධික ලෙස මත්පැන් පානය කිරීමට හුරු වී සිටින අය වන බවයි මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.
තවත් ව්‍යාපාරිකයෙකුගේ නිවසකදී මොවුන් දෙදෙනා මත්පැන් පාවිච්චි කර ඇති අතර අධික ලෙස මත්පැන් පානය කිරීම නිසා යතුරු පැදියෙන් ආපසු සිය නිවස බලා යාමට නොහැකි වී මහ පාරේ ඇද වැටී තිබේ.
ප්‍රදේශයේ කිහිප දෙනෙකු පැමිණ පොලිසිය සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව චුන්නාකම් පොලිසියේ නිලධාරීන් ඔවුන් දෙදෙනාට තරයේ අවවාද කොට නිදහස් කර තිබෙනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…