ශ්‍රී ලංකා

මට ආදරේටයි රත්තරන් කියන්නේ.. මම මාල කැඩුවේ නෑ – රෝහිත අබේගුණවර්ධන කියයි !

කළුතර දිස්ත්‍රික්කයේ හෝ ඕනෑම පොලිසියක තමන් චේන් කඩා ඇති බවට කුමණ හෝ පැමිණිල්ලක් ඇති නම් එය සමාජ මාධ්‍යයට යොමු කරන ලෙසත් ඒ බව ඔප්පු කළහොත් ඊට පසු දිනම තමන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වන බව රෝහිත අබේගුණවර්ධන පවසයි.

පුංචි දවස්වල ප්‍රේමලාල් ජයසේකරට චොකා මල්ලි කීවාක් සේ පවුලේ සහ ගමේ අය ආදරේට රත්තරන් කී තමන් රත්තරන් මාල කඩන මාල හොරෙක් බවට පත් කළේ සමාජ මාධ්‍ය බව ප්‍රථම වතාවට පාර්ලිමේන්තුවේ දී හෙළි කරණ බව ඔහු කීවේය.

පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන වැඩිදුරටත් පැවසුවේ තමන් ගමේ පවුලේ ප්‍රදේශයේ බොහෝ දෙනෙක් හඳුන්වන්නේ රත්තරන් ලෙස බවය. එසේ කියන්නේ තමන් රත්තරන් මාල කැඩූ නිසා නොවන බවත් ඔහු පැවසුවේය.

අපි ඉපදුනාම අපට පුංචි කාලේ නම් දානවා. අපේ පාර්ලිමේන්තුවෙත් ඉන්නවා. දැන් අපේ ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීතුමාට කියනවා චොකා මල්ලි කියලා. මට පොඩි කාලේ ආදරේට දාලා තියනවා රත්තරන් කියලා.

අපේ ගම්වල මිනිස්සු මාව දන්නේ රත්තරන් කියලා. මම දේශපාලනයට ආවට පස්සේ මට හැදුවා මම මාල කඩලා තමයි රත්තරන් වුනේ කියලා. මාල කඩලා.

මේ සමාජ මාධ්‍ය ගහනවා. රත්තරන් මාල කඩපු හොරා කියලා සමාජ මාධ්‍ය ගහනවා. මම දැන් එකෙකුව හොයනවා දෙයි හාමුදුරුවනේ මෙහෙ වර පුතේ… මම කඩපු මාලයක් පෙන්නපිය.

එහෙම නෙමෙයි නම් මම මේ උත්තරීතර පාර්ලිමේන්තුවෙ කියනවා එහෙම කරපු කෙනෙක් නම් මම ඉන්නේ කළුතර කොට්ඨාසේ පයාගල පොලිස් වසමේ ඉපදුන දා ඉඳන් මේ වනතුරු ඉන්නේ. ඒ පොලිස් වසමේ හෝ වෙනත් පොලිසියක රෝහිත අබේ ගුණවර්ධන, නැතිනම් රත්තරන් චේන් එකක් කඩලා කියලා පැමිණිල්ලක් තියනවා නම් අන්න ඒක මේ පාර්ලිමේන්තුවට කියන්න. මම හෙට කතා නායකතුමා ලඟට ඇවිත් ඉල්ලලා අස් වෙනවා. ආයුබොවන් කියලා මම මෙතනින් යනවා.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

19 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

23 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago