මෙම වසර තුළදී ත්‍රී රෝද රථ රැකියාවේ නිරත රියැදුරන් සඳහා අමතර ජීවනෝපායක් හඳුන්වාදීමට රජය විසින් රුපියල් මිලියන පහක මුදලක් වෙන්කර ඇති බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා.
ඒ අනුව ත්‍රීරෝද රථ රැකියාවේ නියුතුව සිටින පිරිසක් සඳහා මේ හරහා ප්‍රතිලාභ හිමිවන අතර මෙහි පළමු අදියර යටතේ නියමු ව්‍යාපාතියක් ලෙස හම්බන්තොට ඉලක්ක කරගනිමින් ත්‍රී රෝද රථ රියදුරන් හැත්තෑ දෙනෙකු තෝරාගැනීමට නියමිතව තිබෙනවා.
මෙමඟින් පුහුණු වැඩසටහන් පවත්වා රියදුරන්ගේ නිපුණතාවය වැඩිදියුණු කර අමතර ජීවනෝපාය හඳුන්වාදීමට කටයුතු යොදා ඇති අතර ජල නල නඩත්තුව,විදුලි කාර්මික,වඩු කර්මාන්තය,කොණ්ඩා කැපීම සහ ගොඩනැගිලි පින්තාරුකරණය යන තෝරාගත් කර්මාන්ත ක්ෂේත්‍රයන් පිළිබඳ ත්‍රී රෝදරථ රියැදුරන් හට වෘත්තීමය පුහුණුවක් ලබාදී ඒ තුළින් අමතර ජීවනෝපායක් සිදුකිරීමට අවශ්‍ය උපකරණ සැපයීම මේ හරහා සිදුවන බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.
මෙම වැඩසටහන පිළිබඳ එම වෘත්තියේ නිරත පිරිසට සහ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරිමේ වැඩසටහනක් පසුගියදා මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේදී පැවැත්වුණා.
දළදා ප්‍රදර්ශනයට ජනතාවගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන් අතිරේක දුම්රිය යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති…
ජාතිවාදය පරාජය කිරීමට පවතින නීති ප්‍රමාණවත් නොවන්නේ නම් නව නීති සකස් කර හෝ මෙරට තුළ…
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු බව කියන කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාගේ ගෝලයින් 7 දෙනකු T-56 වර්ගය ගිනි…
ජාතික ජන බලවේග ආණ්ඩුව විසින් ගෙන යනු ලබන බොරු දේශපාලනය නිසා බහුතරයකට ආණ්ඩුව එපාවී ඇති…
අමෙරිකාව විසින් චීනයට පැනවූ තීරුබදු ප්‍රතිශතය ඉහළ නැංවීම පිළිබඳව චීනය ප්‍රතිචාර දක්වා ඇති බව විදෙස්…
ඉදිරි යල කන්නය සඳහා කුඹුරුවල වගා කරන අතිරේක බෝග සඳහා රුපියල් 15,000 ක සහනාධාරයක් ලබාදීමට…