එහි දී එම පනතට පක්ෂව ඡන්ද 108ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 62ක් පමණයි.
මෙම පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ඊයේ (23) ආරම්භ වූ අතර, ඊයේ දිනයේ පනත් කෙටුම්පත විවාදයට ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් ද පැවැත් වුණා.
එහි දී වැඩි ඡන්දයෙන් තීරණය වූයේ කෙටුම්පත විවාදයට ගැනීමටයි.
එහි දී විවාදයට පක්ෂව ඡන්ද 83ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 50ක් පමණයි ඒ අනුව පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ආරම්භ වුණා.
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත පළමු වර කියවීම සඳහා ඉකුත් දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ, පාර්ශව රැසක් මේ පනත් කෙටුම්පත පිළිබඳව දැඩි විරෝධයක් එල්ල කර ඇති පසුබිමකයි.
එවන් තත්ත්වයක් යටතේ සම්මත වූ මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මේ ආකාරයෙන් විමසා බැලිය හැකියි.
මෙම පනත් කෙටුම්පත යටතේ මූලිකවම සිදු කෙරන කාරණාවන් වන්නේ,
මෙම පනත් කෙටුම්පත ඔස්සේ මාර්ගගත ක්‍රම ඔස්සේ සිදු කරනු ලබන වැරදි ලෙස අර්ථ ගන්වා ඇති තත්ත්වයන් මෙසේයි.
එනම්,
ඉහත සඳහන් කළ වරදවල් යටතට ගැනන වරදක් යමෙන් සිදු කර ඇත්නම්, පුද්ගලයකු බන්ධනාගාරගත කිරීමකට හෝ දඩයකට යටත් කිරීම සහ එම දඬුවම් දෙකටම යටත් කිරිමේ හැකියාව පවතිනවා.
මෙම පනතට විරෝධය දක්වන පාර්ශව මතුකරන කාරණයක් වන්නේ, මෙම පනත් කෙටුම්පත හරහා ඔන්ලයින් මගින් සේවා සපයන්නන් හට දඬුවම් කිරිමේ හැකියාවක් පවතින අතර, එමඟින් සේවා සැපයිම අඩාලවීමේ අවදානමක් පවතින බවයි.
එසේ ම සමාජ මාධ්‍ය හරහා ව්‍යපාරවල නිරත පුදගලයන් හට ද මෙම පනත හරහා ගැටලු ඇතිවීමේ ඉඩ පවතින බවත් විචාරකයින් මතුකරන තවත් කරුණක්.
මේ අතර මෙම පනත් කෙටුම්පත හරහා පිහිටුවනු ලබන, අදාළ කොමිසමේ සියලු සාමාජිකයන් පත් කිරීමේ බලය ජනාධිපතිවරයා සතුවීම, කොමිෂන් සභාවේ ස්වාධීනත්වය කෙරෙහි බලපාන තවත් කරුණක් බව ද මෙම කෙටුම්පතට විරෝධය දක්වන පාර්ශව පෙන්වා දෙනවා.
මෙම කොමිසමට ප්‍රකාශවල සත්‍යාසත්‍යතාව තීරණය කිරීමට ඉඩ ලබාදීම හරහා භාෂණයේ හා ප්‍රකාශයේ නිදහසට බලපෑම් සිදුවීමේ ඉඩක් ඇතිවීමේ අවදානමක් පවතින බව ද ඔවුහූ පෙන්වා දෙන තවත් කරුණක්.
මෙවැනි තත්ත්වයන් හේතු කොටගෙන මෙම පනත් කෙටුම්පතට එරෙහිව පාර්ලිමේන්තුව තුළත්, සිවිල් සමාජ අවකාශය තුළත් විරෝධතා මතු වුවත්, අද (24) දිනයේ දී පාර්ලිමේන්තුවේ දි පැවති දෙවැනි වර කියවීමේ විවාදයට අදාළ ඡන්ද විමසීමේ දී එය වැඩි ඡන්ද 46කින් සම්මත වුණා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…