ක්‍රිකට්

නැමීබියාව ලකුණු 56 කට දවා ගනිමින් ශ්‍රී ලංකා යෞවනයෝ ලෝක කුසලානයේ දෙවැනි ජයත් ලබයි!

නැමීබියාවේ ඇරයුමෙන් කිම්බර්ලි හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාවට පන්දුවාර 37.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 133 ක් පමණයි.

සියලු පිතිකරුවන් අසාර්ථක වෙද්දී හුදෙකලා සටනක නිරත වූ අංක 3 පිතිකරු වූ සුපුන් වඩුගේ නොදැවී ලකුණු 56 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ඉනිමට යම් සහනයක් ගෙන දුන්නා.

පන්දු යැවීමේ දී සචියෝ වෑන් වූරේන් ලකුණු 23 කට කඩුලු 4 ක් හා ජොහැනස් ඩිවිලියර්ස් ලකුණු 19 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගිය ද එම ලකුණු ප්‍රමාණය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් පිටියට පිවිසි ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නැමීබියා කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 56 කට දවා ගත්තේ පන්දුවාර 27 ක් තුළදීයි.

අංක 10 පිතිකරු වූ පීටර් ඩැනියෙල් බ්ලිග්නුට් නොදැවී ලකුණු 18 ක් ලබා ගත් අතර, අංක 9 පිතිකරු වූ හැන්රෝ බැඩේන්හොර්ට් ලකුණු 11 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී විශ්ව ලහිරු ලකුණු 19 කට කඩුලු 3ක් දවා ගත් අතර, රුවිෂාන් පෙරේරා ලකුණු 3කට කඩුලු 3 ක් බිද හෙලුවා. දිනුර කලුපහන පන්දුවාර 8ක් තුළ ලකුණු 8කට දවා ගත් කඩුලු ගණන දෙකක්.

තරගයේ වීරයා බවට පත්වුයේ, නොදැවී ලකුණු 56ක් රැස් කරමින් ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම බවට පත් වූ සුපුන් වඩුගේ.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

1 day ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

1 day ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago