ශ්‍රී ලංකා

සනත් නිශාන්ත ඇතුළු දෙදෙනෙකු මියයාමේ සිද්ධියට, කන්ටේනර් රථයේ රියදුරු පොලිස් භාරයට !

කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ 11 වන කිලෝමීටර කණුව ආසන්නයේ අද (25) අලුයම සිදු වූ රිය අනතුරෙන් ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහ ඔහුගේ ආරක්ෂාවට සිටි පොලිස් කොස්තාපල්වරයා මිය යාමේ සිද්ධියට අදාළව කන්ටේනර් රථයේ රියදුරු පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අධිවේගී මාර්ග පොලිස් ඒකකය සදහන් කළේ, ඉදිරි විමර්ශන සදහා ඔහු පොලිස් භාරයට ගත් බවයි.

කටුනායක දෙස සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත රැගත් ජිප් රථය ඉදිරියෙන් ධාවනය වූ කන්ටේනර් රථයක ගැටී අනතුරුව මාර්ගයේ ආරක්ෂිත වැටේ ගැටීමෙන් මෙම අනතුර සිදුවුණා.

සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ ජිප් රථයේ රියදුරු මේ වන විට රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

1 day ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

1 day ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago