දැනට විදේශගතව සිටිනවා යැයි කියන සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කරමින් ඉංග්‍රීසි භාෂාවෙන් රතු වරෙන්තුවක් නිකුත් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසිංහ මහතා අද (26)නියෝග කළා.
ඒ අල් කයිඩා ත්‍රස්ත සංවිධානය පෝෂණය කිරීම සඳහා ආධාර අනුබල ලබා දීමේ චෝදනා යටතේයි.
ත්‍රස්ත මර්දන විමර්ශන කොට්ඨාසය කළ ඉල්ලීමක් අනුව මෙම රතු වරෙන්තු නිකුත් කර තිබෙනවා.
මෙසේ රතු වරෙන්තු නිකුත් කරන ලද්දේ කල්එළිය, කලගෙඩිහේන ප්‍රදේශවල පදිංචිව සිට දැනට ඕස්ට්‍රේලියාව හා සිරියාවේ පදිංචි යැයි කියන පිය පුතු දෙපළට සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකුටයි.
ඒ අහමඩ් කලිල් ලුක්මාන් තලීබ්,අහමන් ලුක්මාන්ඩ් හලීන්,අබ්දුල් බාහින් මොහොමඩ් ලෙබ්බේ සහ මොහොමඩ්පාහීර් රිපන් නමැති පුද්ගලයින් සිව්දෙනාටයි.
ත්‍රස්ත මර්දන විමර්ශන කොට්ඨාසය මගින් 2021 වසරේදී සැකකරුවන් දාසය දෙනෙකුට එරෙහිව නඩු පවරා ඇති අතර එම සැකකරුවන් අතරින් සිව් දෙනෙකුට මෙසේ රතු වරෙන්තු නිකුත් කර තිබෙනවා.
මෙම පැමිණිල්ලට අදාළව අධිකරණයට ඉදිරිපත් කළ තවත් සැකකරුවන් පස් දෙනකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කිරීමට නීතිපතිවරයා කටයුතු කර ඇති අතර එම නඩුව මේ වන විට විභාග වෙමින් පවතිනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…