රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ රියදුරු රිමාන්ඩ් !

අත්අඩංගුවට ගත් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ රියදුරා වන 28 හැවිරිදි ප්‍රභාත් එරංග නැමැත්තා ලබන පෙබරවාරි මස 5 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

වැලිසර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී ඇත.

සනත් නිශාන්ත මහතාට මරු කැඳවූ රිය අනතුර සම්බන්ධයෙන්, රථය පැදවූ රියදුරා පොලීසියට කරුණු හෙළිකර තිබේ.

ඔහු වසර 10ක පමණ සිට සනත් නිශාන්ත මහතා යටතේ රාජකාරී කළ අයෙක් බව වාර්තා වේ.

අනතුරින් තුවාල ලබා රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින ඔහු පොලීසිය වෙත සිද්ධිය හෙළි කර ඇත්තේ මෙලෙසිනි.

”අපි හලාවත වෙඩින් එක ඉවර වෙලා කොළඹ එමින් ගමන් හිටියේ. ඒ වෙනකොට ඇමතිතුමාට නින්ද ගිහිං හිටියේ. මම හයිවේ එකේ අපිට ඉස්සරහින් ගිය කන්ටේනර් එක ඉස්සර කරන්න උත්සාහ කළා. එතකොටම මම දැක්කා පිටිපස්සෙන් තව කාර් එකක් එනවා. ඒ නිසා මම අපේ වාහනය වම් පැත්තට ගන්න හදනකොටම ජීප් එක කොන්ට්‍රෝල් නැතුව ගිහිං කන්ටේනර් එකේ වැදුණා. ඊට පස්සේ ජීප් එක වැටේ හැප්පිලා නතර වුණා.”

අනතුරට පත් රථයේ වේගය සම්බන්ධයෙන් කටුනායක අධිවේග මාර්ග රථවාහන පොලිසියෙන් අද දෙරණ කළ විමසීමකදී එහි නිලධාරින් පැවසුවේ අනතුර සිදුවන අවස්ථාවේදී රථය පැයට කිලෝමීටර් 138 ඉක්මවන වේගයකින් ධාවනය කර තිබූ බවය.

මේ අතර අනතුර සිදුවන අවස්ථාවේදී රියැදුරු මත්පැන් පානය කර සිටියේද යන්න සොයා බැලීම සඳහා කටුනායක අධිවේග මාර්ග රථවාහන පොලීසිය අධිකරණ වෛද්‍ය නිලධාරින්ගෙන් ඉල්ලීමක්ද කර ඇති අතර එම වාර්තාව ඉදිරි සතිය තුළදී ලැබීමට නියමිත බව පොලීසිය පවසයි.

අනතුරෙන් රාජ්‍ය අමාත්‍යවරයාගේ හිසට සහ දකුණු කකුළට බරපතළ තුවාල සිදුවී තිබූ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

21 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

24 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago