කාබනික පොහොර නිෂ්පාදන සමාගමකට නරක්වූ මාළු බහාලුම් 98ක් මෙරටට ගොඩබෑම සඳහා රේගුවේ ඉල්ලීම පරිදි ආනයන හා අපනයන පාලක ජනරාල් විසින් බලපත්‍රයක් නිකුත් කර ඇති බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වී තිබෙනවා.
ඒ, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ සභාපතිත්වයෙන් එම කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදියි.
මෙහිදී කාරක සභාව හමුවට 2021 සහ 2022 මූල්‍ය වර්ෂය සඳහා වූ විගණකාධිපති වාර්තා සහ කාර්ය සාධනය පරික්ෂාව සඳහා ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව කැඳවා තිබුණා.
විගණන නිලධාරීන් එහිදී සඳහන් කර ඇත්තේ බහාලුම් රැගත් නෞකාවක් කොළඹ වරායට ආසන්න මුහුදු ප්‍රදේශයේදී කාර්මික දෝෂයකට ලක්වී විදුලි සැපයුම නතර වීම හේතුවෙන් එම මත්ස්‍යයින් නරක්වී ඇති බව තහවුරු කරගත් පසු තායිලන්තය එම නෞකාව තම රටට ඇතුළු කරගැනීම ප්‍රතික්ෂේප කර තිබූ බවයි.
නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කළේ එම නරක්වූ මත්ස්‍යයින් මෙරට කාබනික පොහොර නිෂ්පාදනය කරණු ලබන සමාගමක් වෙත ලබා ගැනීම සඳහා රේගුව මගින් කළ ඉල්ලීමට, ආනයන හා අපනයන පාලක ජනරාල් විසින් බලපත්‍රයක් නිකුත් කර තිබෙන බවයි.
එම බලපත්‍රය ලබාගැනීමට නම් අදාළ ආනයනකරු විසින් ඉල්ලීම් සිදුකළ යුතු වූවත් එයට පටහැනිව බලපත්‍රය ලබාගැනීමට ඉල්ලුම් කර ඇත්තේ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව බව මෙහිදී අනාවරණය වි තිබෙනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…