පාර්ලිමේන්තුව නියෝජනය කරන වැඩිම දේශපාලන පක්ෂ ගණනක වැඩිම මන්ත්‍රිවරුන් පිරිසක එකමුතුවෙන් නව සන්ධානයක් ගොඩනගන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා පවසනවා.
නව සන්ධානය නම්වූ එකමුතුව අද (27) ජාඇල කේන්ද්‍ර කරගනිමින් පැවැත්වූ මංගල මහජන රැලියේදී ඔහු මේ බව සඳහන් කළා.
ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරමින් නව සන්ධානයක් නිර්මාණය කිරීම වෙනුවන් ජනතාව දැනුවත් කිරීමේ ජන රැලියක් අද ජාඇල නගරයේදී මෙලෙස පැවැත්වුණා.
එම සන්ධානයේ නිර්මාතෘවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා කටයුතු කරන අතර එහි මෙහෙයුම් නායකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා කටයුතු කරනවා.
මෙම රැලියට අමාත්‍ය නලීන් ප්‍රනාන්දු, අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රියංකර ජයරත්න මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.
ගරුතර මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයින්, වෘත්තිය සමිති නායකයින්, සිවිල් සංවිධාන නියෝජිතයින්, කලාකරුවන්, නීතිඥවරුන්, වෘත්තීයවේදීන් ඇතුළු ආධාරකරුවන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…